Permalink
Switch branches/tags
Nothing to show
Find file Copy path
826 lines (666 sloc) 106 KB

කිසියම් ක්ෂේත‍්‍රයක් තුළ කෙටි කාලයක දී ඇති වන ප‍්‍රබල වෙනස්වීමක් හැඳින්වීම සඳහා විප්ලවය යන පදය යෙදේ. කාර්මික ක්ෂේත‍්‍රයේ ඇති වූ මෙබඳු වෙනස කාර්මික විප්ලවය වශයෙන් හඳුන්වයි. යුරෝපයේ පුනරුද සමයේ ආගමික ක්ෂේත‍්‍රයේ ඇති වූ වෙනස්වීම ආගමික විප්ලවය ලෙස සැලකිණි. දේශපාලන ක්ෂේත‍්‍රයේ ද මෙබඳු විප්ලව ගණනාවක් ඇති විය. ඇමරිකන් නිදහස් සටන හෙවත් ඇමෙරිකන් විප්ලවය, ප‍්‍රංශ විප්ලවය හා රුසියානු විප්ලවය එබඳු විප්ලවවලට උදාහරණ වේ. එබඳු දේශපාලන විප්ලව පිළිබඳව මෙම පාඩමෙන් තවදුරටත් කරුණු විස්තර කෙරේ.

     7.1 ඇමෙරිකන් නිදහස් සටන

  හැඳින්වීම
  	        ඇමෙරිකන් ජනපදවාසීන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා
  ගෙන ගිය සටන ඇමෙරිකන් නිදහස් සටන වශයෙන් හඳුන්වයි. 1492 වර්ෂයේ දී
  කි‍්‍රස්ටෝපර් කොළොම්බස් කැරිබියන් මුහුදේ බහමාස් දිවයින්වලට ගොඩබැසීමෙන් වසර
  පහකට පසු ඇමෙරිගෝ වෙස්පුචි, නූතන ඇමරිකා මහාද්වීපයට අයත් විශාල ගොඩබිම
  සොයා ගත්තේ ය. පසුව ජර්මන් භූගෝල විද්‍යාඥයෙකු විසින් එම ප‍්‍රදේශය හැඳින්වීමට
  ඇමෙරිකාව යන නාමය තබන ලදි. කොළොම්බස් ඇමෙරිකන් ප‍්‍රදේශවලට පැමිණීමෙන්
  පසුව තමා පැමිණියේ ඉන්දියාවට යැයි විශ්වාස කළේ ය. එ් අනුව එවකට ඇමරිකාවේ
  වාසය කළ ස්වදේශිකයන් ඉන්දියානු වැසියන් ලෙස හඳුන්වා ඇත. සමේ පැහැය අනුව
  උතුරු ඇමෙරිකානු ප‍්‍රදේශවල සිටි ස්වදේශිකයන් රතු ඉන්දියානුවන් ලෙස ද හඳුන්වනු
  ලැබේ. සම්පත් බහුල සරුසාර විශාල රටක් වූ ඇමෙරිකාව පිළිබඳ ඇසූ යුරෝපීයයෝ
  ඇමරිකාව අත් පත් කරගෙන කණ්ඩායම් වශයෙන් ගොස් එහි ජනපද පිහිටුවීමට
  කටයුතු කළහ. පෘතුගාලය, ස්පාඤ්ඤය,  ඕලන්දය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍ය යන රටවල් එසේ
  ඇමෙරිකාවේ ජනපද පිහිටුවූ යුරෝපීය රටවල් වේ. යුරෝපීයයන් ඇමෙරිකාවේ ජනපද
  පිහිටුවීමට බල පෑ හේතු කිහිපයකි. එ්වා පහත පරිදි ය.

    �� යුරෝපා රටවල පැවති රෝමානු කතෝලික හා රෙපරමාදු ආගමික ගැටුම් නිසා
       ආගමික නිදහස පතා නව ප‍්‍රදේශ වෙත යුරෝපීය ජනයා ඇදී යාම.
    �� වෙළෙඳාම සඳහා සහ නව ප‍්‍රදේශවල ඉඩකඩම් අත්පත් කර ගැනීමෙන් ජන ජීවිතය
       සෞභාග්‍යවත් කර ගැනීමට යොමු වීම.

110 . නොමිලේ බෙදා හැරීම සඳහා ය �� කීර්තිය හා ධනය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් යුරෝපා රටවල පාලකයන් නව ප‍්‍රදේශ සොයා ජනාවාස පිහිටුවා ගැනීමට ලබා දුන් ධෛර්යය හා උනන්දුව. බි‍්‍රතාන්‍ය ජනපද පිහිටුවීම

       කොළොම්බස්ගේ පැමිණීමෙන් පසු ගත වූ ශතවර්ෂ එකහමාරක පමණ කාලයේ දී

විවිධ යුරෝපා ජාතීහු ඇමෙරිකාවේ විවිධ ප‍්‍රදේශවල ජනපද පිහිටුවූහ. එහි දී ස්පාඤ්ඤවරුන් හා පෘතුගීසීන් දකුණු ඇමෙරිකන් ප‍්‍රදේශවල නව ජනාවාස පිහිටුවීමට පියවර ගත් අතර බි‍්‍රතාන්‍යයෝ හා ප‍්‍රංශවරු උතුරු ඇමෙරිකන් ප‍්‍රදේශවල ජනපද පිහිටුවූහ. පසුව ඇමෙරිකා එක්සත් ජනපදය නම් රාජ්‍ය බිහි වූයේ බි‍්‍රතාන්‍යයන් විසින් උතුරු ඇමෙරිකන් ප‍්‍රදේශවල පිහිටුවන ලද ජනපද ආශ‍්‍රයෙනි.

       රූපය 7.1 - බි‍්‍රතාන්‍යයන් විසින් ඇමෙරිකාවේ පිහිටුවා ගත් ජනපද

                1. වර්ජිනියා 		    7. රෝඩි දිවයින			
                2. මැසවුසෙට්ස් 		 8. ඩෙලවෙයාර්
                3. නිව්යෝර්ක් 		 9. උතුරු කැරොලිනා
                4. නිව්හැම්ෂයර් 		  10. නිව් ජර්සි
                5. මේරිලන්ඞ් 		    11. දකුණු කැරොලිනා
                6. කනේක්ටිකට් 		  12. පෙන්සිල්වේනිය
                				13. ජොර්ජියා
      1607 වර්ෂයේ දී බි‍්‍රතාන්‍යයන් වර්ජිනියා ජනපදය පිහිටුවීමෙන් ආරම්භ වූ උතුරු

ඇමෙරිකාවේ බි‍්‍රතාන්‍ය ජනපදකරණය, ශතවර්ෂයක් තරම් කාලයක් පැවතුණි. මෙම කාලයේ දී බි‍්‍රතාන්‍ය රජයේ සෘජු මැදිහත්වීමට වඩා එරට සමාගම්, පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් විසින් ඇමෙරිකන් ප‍්‍රදේශවල ජනපද පිහිටුවනු ලැබීම කැපී පෙනෙන ලක්ෂණයකි. බි‍්‍රතාන්‍ය රජයෙන් මෙම ජනපදකරණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය හා සහාය ලැබුණි. මෙසේ වරින් වර බි‍්‍රතාන්‍යයේ සිට උතුරු ඇමෙරිකාවට ගිය පිරිස් 1733 වර්ෂ 1733 වන විට ජනපද දහතුනක් පිහිටුවා තිබුණි. එම ජනපද දහතුනෙහි නම් ඉහතින් දක්වා ඇත.

                                                                           . 111
                                                    නොමිලේ බෙදා හැරීම සඳහා ය
   	      මෙම ජනපද දහතුනෙන් ෙදාළහක් ආරම්භ වූයේ ක‍්‍රිස්තු වර්ෂ 1607 x- 1682 අතර
  කාලයේ දී ය. උතුරු ඇමෙරිකාවේ බි‍්‍රතාන්‍ය ජනපද දහතුන අතුරෙන් අවසන්වරට ජනපදය
  ජෝර්ජියාව වේ. එය 1733 වර්ෂයේ දී පිහිටුවන ලදි. මුල් ජනපදවල ස්වභාවය දෙස බලන
  විට එ්වා එකවිට ආරම්භ වූ එ්වා නොවන බව පෙනේ. එමෙන් ම එකී ජනපද පිහිටුවීමට
  බලපෑ හේතුන් ද විවිධ විය. යුරෝපයේ ආගමික නිදහස ලබා ගැනීමේ අපේක්ෂාව මෙන් ම
  වාණිජ්‍යමය ප‍්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණ ද ජනපද රැුසක් පිහිටුවීමට බලපෑ හේතුවක්
  ද විය. ජනගහන සංයුතිය, ජීවන ක‍්‍රමය හා ආර්ථික කටයුතු අතින් ද මෙකී ජනපද අතර
  වෙනස්කම් පැවතුණි. මෙබඳු විෂමතා පැවති නමුත් 18 වන සියවස මැද වන විට ඉංග‍්‍රීසි
  භාෂාව කථා කළ එම සංස්කෘතියට අනුව හැඩගැසුණු වෙන ම ජන කොටසක් ලෙස මෙම
  ජනපදවාසීහු ඉස්මතු වීමට පටන් ගත්හ.

  ඇමෙරිකන් ජනපද හා බි‍්‍රතාන්‍ය පාලනය

  	       උතුරු ඇමෙරිකන් ප‍්‍රදේශවල බි‍්‍රතාන්‍ය ජනපද පිහිටුවූයේ බි‍්‍රතාන්‍ය සමාගම් හා විවිධ
  පුද්ගලයන්ගේ මැදිහත්වීම මත බව ඉහත සඳහන් කෙරිණි. මෙසේ ජනපද පිහිටුවීමට මූලික
  වූවෝ එ් සඳහා බි‍්‍රතාන්‍ය රජයෙන් අවසර පත‍්‍රයක් ලබා ගත්හ. එහි දී කොන්දේසි කිහිපයක
  එකඟතාව ඇතිව ජනපද පිහිටුවූහ. බි‍්‍රතාන්‍ය රජයේ ආධිපත්‍ය පිළිගත යුතු බවත් මව් රටේ
  නීතිය නව ජනපදවල ද අනුගමනය කළ යුතු බවත් එම කොන්දේසිවලට ඇතුළත් විය.
  ජනපදවල පාලනය මෙහෙයවන ලද්දේ එක් එක් ජනපදයට පත් කළ ආණ්ඩුකාරවරයෙකු
  විසිනි. ඔහුගේ සහායට එ් එ් ජනපදයෙන් තෝරා ගත් ව්‍යවස්ථාදායක සභාවක් පැවතිණ.
  බි‍්‍රතාන්‍යය හා ඇමෙරිකාව අතර පැවති අධික දුර ප‍්‍රමාණයත් දියුණු පණිවිඩ හුවමාරු ක‍්‍රම
  එකල නොතිබීමත් නිසා ස්වකීය කටයුතු කරගෙන යාමේ දී ජනපදවාසීහු ප‍්‍රදේශීය ස්වයං
  පාලනයක් පවත්වාගෙන ගියහ. මේ අනුව 1763 වර්ෂය පමණ වන තෙක් ඇමෙරිකානු
  ජනපද සම්බන්ධව බි‍්‍රතාන්‍ය දේශපාලන ප‍්‍රතිපත්තිය ඉතා ලිහිල්ව පැවති බව පෙනේ. එම
  තත්ත්වය ජනපදවාසීන් තුළ නිදහස පිළිබඳ ආකල්පය වර්ධනය වීමට ද බලපෑ කරුණක්
  විය. එහෙත් ජනපද වාසීන් මුහුණ දුන් ගැටලූ පැවති හෙයින් ඔවුන්ට බි‍්‍රතාන්‍ය සහාය ද
  අවශ්‍ය විය.
  	       1763 වර්ෂයට පෙර ඇමෙරිකන් ජනපද වාසීන් මුහුණදුන් ආරක්ෂාව පිළිබඳ
  ගැටලූ දෙකක් තිබුණි. ප‍්‍රංශවරුන්ගේ තර්ජනය පළමු වැන්නයි. බි‍්‍රතාන්‍ය ජනපදවලට
  උතුරින් ප‍්‍රංශ බලය ව්‍යාප්තව පැවති හෙයින් ද ඔවුන් තම බලය පැතිරවීමට උත්සාහ
  කළ හෙයින් ද ජනපදවාසීන්ට බි‍්‍රතාන්‍යයේ ආරක්ෂාව අවශ්‍ය වී තිබුණි. ක‍්‍රිස්තු වර්ෂ 1756
  x 1763 කාලයේ ප‍්‍රංශය හා බි‍්‍රතාන්‍ය අතර යුද්ධයක් පැවතුණි. එය හත් අවුරුදු යුද්ධය
  වශයෙන් හැඳින්වේ. මෙම යුද්ධයෙන් ප‍්‍රංශය පරාජයට පත් විය. අනතුරුව බි‍්‍රතාන්‍ය හා
  ප‍්‍රංශය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීම නිසා ජනපදවාසීන්ට තිබූ ප‍්‍රංශ තර්ජන ද
  අවසන් විය. ඇමෙරිකානු ජනපද බටහිරට ව්‍යාප්ත වීමට පැවති ප‍්‍රධාන බාධකය වූයේ
  රතු ඉන්දියානු තර්ජන වේ. ප‍්‍රංශවරු බලවත්ව සිටි කාලයේ දී බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව
  ප‍්‍රංශ ජාතිකයන් සමඟ සබඳතා පවත්වාගෙන යාමට රතු ඉන්දියානුවන්ට හැකියාව තිබුණි.
  එහෙත් ප‍්‍රංශයේ පරාජයත් සමග එම තත්ත්වය වෙනස් විය. අනතුරුව බි‍්‍රතාන්‍යය විසින්
  ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිපත්ති නිසා රතු ඉන්දියානු තර්ජන ද අවම විය.

112 . නොමිලේ බෙදා හැරීම සඳහා ය මෙසේ හත් අවුරුදු යුද්ධයෙන් ප‍්‍රංශය පරාජය වී උතුරු ඇමෙරිකාවේ ප‍්‍රංශ බලය බිඳ වැටීමත් අනතුරුව කි‍්‍රයාත්මක කළ ආරක්ෂක උපාය මාර්ගත් එමගින් රතු ඉන්දියානු තර්ජන අඩු වී යාමත් නිසා ජනපදවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවට බි‍්‍රතාන්‍ය සහාය තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවී ය.

නිදහස් සටනට බලපෑ හේතු ඇමෙරිකන් ජනපද සම්බන්ධ බි‍්‍රතාන්‍ය ආර්ථික ප‍්‍රතිපත්තිය හා වෙළෙඳ කටයුතු මව් රටට වාසි ලැබෙන ආකාරයෙන් ක‍්‍රියාත්මක කෙරිණ. එ් අනුව බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය නව ජනපද තුළ නිපදවීම තහනම් විය. දුම්කොළ, සීනි, කපු, මී ඉටි, තිරිඟු, තඹ වැනි ද්‍රව්‍ය බි‍්‍රතාන්‍යයට පමණක් ලබා දිය යුතු විය. එසේ නම් කොට තිබූ භාණ්ඩ හැර සෙසු ද්‍රව්‍ය වුව ද අපනයනය කළ හැකි වූයේ එ්වා බි‍්‍රතාන්‍යයට යවා එ් හරහා අදාළ රටට යැවීමෙනි. එසේ ම නිෂ්පාදන කටයුතු හෝ වෙළෙඳාම අතින් මෙම ජනපද මව් රට සමග තරග නොකළ යුතු යැයි ද නියමයක් තිබුණි. මෙම ප‍්‍රතිපත්තිවලින් ජනපදවාසීන්ට ආර්ථික වශයෙන් පාඩු සිදු වූවත් බි‍්‍රතාන්‍ය නිසා ඔවුන්ට ස්ථාවර වෙළෙඳපොළක් ලැබී තිබුණි. එසේ ම මුල් කාලයේ දී බි‍්‍රතාන්‍ය නීති රීති යටත් ප‍්‍රදේශවල දැඩි ලෙස ක‍්‍රියාත්මක නොවූ බැවින් සිදු වන පාඩු අවම කර ගැනීමට වෙනත් ජාතීන් සමග හොර වෙළෙඳාම්වල නිරත වීමට හැකියාව ලැබිණ. මෙබඳු කරුණු නිසා 1763 වර්ෂය පමණ වන තෙක් බි‍්‍රතාන්‍ය ආර්ථික පිළිවෙත හා නීති රීතිවලට එරෙහිව ඇමෙරිකන් ජනපදයෙන් ප‍්‍රබල විරෝධයක් මතු වූයේ නැත. එහෙත් 1763 වර්ෂයෙන් පසුව බි‍්‍රතාන්‍යය විසින් හඳුන්වා දුන් නව නීති රීති නිසා ජනපදවාසීන් හා මව් ආණ්ඩුව අතර මත ගැටුම් ඇති විය. එය නිදහස පිළිබඳ හැඟීම් වර්ධනය වීමට බලපෑ කරුණකි.

      හත් අවුරුදු යුද්ධය සඳහා බි‍්‍රතාන්‍යයට විශාල වියදමක් දැරීමට සිදු වූ හෙයින් එරට

ණය බර ඉහළ ගියේ ය. එම ණය හා පොළිය සඳහා මුදල් සපයා ගැනීමේ දී ඇමෙරිකන් ජනපද විසින් ද කොටසක් දැරිය යුතු බව බි‍්‍රතාන්‍යයේ ආකල්පය විය. මේ නිසා බි‍්‍රතාන්‍ය අගමැති ජෝර්ජ් ග‍්‍රැන්විල්, ඇමෙරිකන් ජනපදවලින් අය කළ තීරු බදු ක‍්‍රමානුකූලව අය කර ගැනීමට පියවර ගත්තේ ය. ජනපදවල හොර වෙළෙඳාම නතර කිරීම සඳහා නාවික මුර සේවා ද තර කළේ ය. මීට අමතරව බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට ඇමෙරිකාවෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීම සඳහා නව පනත් කිහිපයක් පැනවීමට ද ග‍්‍රැන්විල් ක‍්‍රියා කළේ ය. වර්ෂ 1764 x-1765 කාලයේ පැනවූ එබඳු පනත් තුනකි.

1. සීනි පනත
2. මුදල් නෝට්ටු පනත
3. මුද්දර පනත.

      සීනි පනත අනුව හොර වෙළෙඳාම නතර කිරීමට බි‍්‍රතාන්‍ය නාවුක හමුදා පෙරට

වඩා වෙරළබඩ ප‍්‍රදේශවලට යැවූ හෙයින් ජනපදවාසීන් සමග ගැටුම් ඇති විය. මුදල් නෝට්ටු පනත අනුව ණය ගෙවීම සඳහා ජනපදවලට මුදල් නෝට්ටු නිකුත් කිරීම තහනම් කෙරිණ. මේ නිසා රිදී හෝ රත්රන්වලින් එම මුදල් ගෙවීමට ජනපදවාසීන්ට සිදු විය.

                                                                         . 113
                                                  නොමිලේ බෙදා හැරීම සඳහා ය
   ජනපද වැසියන් මෙම පනත්වලට විරෝධය දක්වන අතරතුර ම 1765 වර්ෂයේ දී බි‍්‍රතාන්‍ය
  විසින් මුද්දර පනතක් ද පනවන ලදි. මේ පනත අනුව සියලූ නීතිමය ලියවිලි, බලපත‍්‍ර,
  ඔප්පු, හා වෙනත් මුද්‍රිත ලේඛනවලින් මුද්දර බද්දක් අය කිරීමට නියම විය. මුද්දර බද්ද
  ඇමෙරිකන් සමාජයේ වෙළෙඳුන්, නීතීඥයන්, මුද්‍රණකරුවන් වැනි ඉහළ තත්ත්වයන් ඉසුලූ
  පුද්ගලයන්ටත් බලපෑ හෙයින් ඔවුහු විරෝධතා සංවිධානය කිරීමට ඉදිරිපත් වූහ. මේ
  පනතට එරෙහිව ප‍්‍රබල විරෝධයක් මතු වූ අතර ඇමෙරිකන් ජනතාව මුද්දර වර්ජනය
  කිරීමට ද පෙළඹුණි. මෙම විරෝධතා සංවිධානය කිරීමේ දී ජනපද අතර එක්සත්කමක් ඇති
  වීමත් කැපී පෙනෙන ලක්ෂණයකි. ඉහත සඳහන් බදුවලට අමතරව තේ, වීදුරු, කඩදාසි
  ආදිය සඳහා බි‍්‍රතාන්‍ය තීරු ගාස්තු අය කිරීම පිළිබඳ වත් ඇමෙරිකාව තුළ විරෝධතා මතු
  විය. බි‍්‍රතාන්‍යයන් විසින් පනවන ලද තවත් පනතක් අනුව ඇමෙරිකාවේ සිටි බි‍්‍රතාන්‍ය
  සේනාංකවලට වාසස්ථාන සැපයීම, මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම ඇතු`ඵ පහසුකම් සැපයීම
  ජනපදවලට පැවරිණ. මෙම නීති රීතිවලට එරෙහිව ජනපදවාසීන් උද්ෂෝණය කරන
  විට එ්වා මර්දනය කිරීමට ඇතැම් ජනපදවල ව්‍යවස්ථාදායක සභා විසුරුවා හැරීම වැනි
  මර්දනකාරී ක‍්‍රියා ද බි‍්‍රතාන්‍යය විසින් දියත් කරන ලදි. මේ නිසා ඇමෙරිකන් ජනතාව
  බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය වීමට හා සටන් කිරීමට
  පෙළඹුණහ. මෙම තත්ත්වයන් සමාලෝචනය කර බලන විට ඇමෙරිකන් විප්ලවයට තුඩු
  දුන් හේතු කිහිපයක් මෙසේ කෙටියෙන් දැක්විය හැකි ය.


    ඇමරිකන් විප්ලයට තුඩු දුන් හේතු :-

       ර්ර් ඇමෙරිකන් ජනපදවාසීන් කාලයක් තිස්සේ බි‍්‍රතාන්‍ය මැදිහත්වීම අඩු ස්වයං
          පාලනයකට හුරුවක් ලබා තිබීම.
       ර්ර් බි‍්‍රතාන්‍යය අනුගමනය කළ තම රටට වාසි දායක ආර්ථික ප‍්‍රතිපත්තිය
       ර්ර් ජනපද වාසීන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප බි‍්‍රතාන්‍ය රජය නිසි ලෙස
          අවබෝධ කරගෙන නොසිටීම
       ර්ර් 1763න් පසුව පැනවූ අණ පනත් හා නව බදු වර්ග
       ර්ර් ජනපදවාසීන්ගේ සාධාරණ සටන් මර්දනය කිරීමට බි‍්‍රතාන්‍යය කටයුතු කිරීම.
       ර්ර් නිදහස පිළිබඳ ජනපද වැසියන් තුළ ඇති වූ උනන්දුව.


  නිදහස් සටන

  	       1763 වර්ෂයෙන් පසුව බි‍්‍රතාන්‍ය විසින් හඳුන්වා දෙන ලද නව අණ පනත් හා
  බදු වර්ගවලට එරෙහිව ඇති වූ විරෝධතාවලින් ජනපදවාසීන් තුළ නිදහස් සටන සඳහා
  පෙළඹවීමක් ඇති වූ බව පෙනේ. නව පනත් අතුරින් ප‍්‍රබලව විරෝධයක් මතු වූයේ
  මුද්දර පනත සම්බන්ධයෙනි. එහි දී මුද්දර පමණක් නොව බි‍්‍රතාන්‍ය භාණ්ඩ වර්ජනය
  කිරීම දක්වා විරෝධතා වර්ධනය විය. එවකට බි‍්‍රතාන්‍යයේ පැවති සම්ප‍්‍රදාය අනුව බදු
  පැනවීමේ බලය හිමි වූයේ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව වෙතට

114 . නොමිලේ බෙදා හැරීම සඳහා ය ය. එහෙත් ඇමෙරිකන් ජනපද වෙනුවෙන් නියෝජිතයන් සහභාගි නොවූ බැවින් තම රට වෙනුවෙන් බදු පැනවීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නොමැති යැයි ජනපද වැසියන් තුළ මතයක් ඇති විය. මෙම මතය ඇමෙරිකන් ජනපද පුරා ප‍්‍රචාරය වූ අතර එමගින් නියෝජිතයන් නැත්නම් බදුත් නැත යන සටන් පාඨය බිහි විය. එය ඇමෙරිකන් නිදහස් සටනේ තේමා පාඨය බවට පත් විය. මේ අනුව ආර්ථික කරුණු මත ඇති වූ විරෝධතා දේශපාලන ප‍්‍රශ්නයක් බවට පෙරළිණ.

      මුද්දර පනතට එරෙහිව ඇති වූ ප‍්‍රබල විරෝධතා නිසා බි‍්‍රතාන්‍ය රජය විසින් එය

අවලංගු කරන ලදි. එහෙත් ඇමෙරිකානු ජනපද සම්බන්ධයෙන් නීති පැනවීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට බලය ඇති බව ප‍්‍රකාශයට පත් කෙරිණ. මුද්දර බදු වැනි ඍජු බදුවලට ඇමෙරිකන් ජනතාව විරුද්ධ බව තේරුම් ගත් බි‍්‍රතාන්‍ය රජය තම ආදායම තර කර ගැනීම සඳහා 1767 වර්ෂයේ තීරු බදු වර්ග කිහිපයක් පැනවීය. මේ අනුව ඇමෙරිකාවට ආනයනය කළ වීදුර, ඊයම්, කඩදාසි හා තේ වැනි භාණ්ඩවලට තීරු ගාස්තු නියම කෙරුණි. මෙම තීරු බදු එකතු කර ගැනීමට බි‍්‍රතාන්‍ය රජය දැරූ උත්සාහයත් ජනපදවාසීන් ඊට එරෙහිව දැක්වූ විරෝධතාවත්් නිසා දෙපක්ෂය අතර ගැටුම් කිහිපයක් ඇති විය. බොස්ටන්වල දී ජනපද වාසීන් දැක්වූ විරෝධතාවකට බි‍්‍රතාන්‍ය හමුදා වෙඩි තැබීමෙන් පස් දෙනෙක් මිය ගියහ. මෙබඳු ක‍්‍රියා නිසා ඇමෙරිකන් ජනතාව තුළ බි‍්‍රතාන්‍ය විරෝධී හැඟීම් වර්ධනය විය. ජනපදවාසීන් බි‍්‍රතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීම නිසා ඉහත දැක්වුණු තීරු බදුවලින් ලැබුණු ආදායමට වඩා කිහිප ගුණයක පාඩුවක් ලැබීමට බි‍්‍රතාන්‍යයට සිදු විය. මේ නිසා 1770 වර්ෂයේ දී තේ බද්ද හැර ඉතිරි තීරු බදු සියල්ල අහෝසි කෙරිණ. තේ බද්ද තවදුරටත් ක‍්‍රියාත්මක කළේ ලාභයක් ලැබීමට වඩා ඇමෙරිකාව වෙනුවෙන් බදු පැනවීමට බි‍්‍රතාන්‍යයට ඇති අයිතිය පෙන්වීම සඳහා පමණි.

     1773 වර්ෂයේ දී බි‍්‍රතාන්‍ය පැනවූ තවත් පනතකින් ඇමෙරිකන් ජනපදවලට තේ

සැපයීම පිළිබඳ තනි අයිතිය එක් සමාගමකට පමණක් පැවරිණි. මේ නිසා ඇමෙරිකන් වෙළෙඳුන්ගේ සාම්ප‍්‍රදායික තේ වෙළෙඳාමට පහර වැදුණි. මෙමගින් කුපිත වූ ඇතැම් ඇමෙරිකානුවෝ බි‍්‍රතාන්‍ය වෙළෙඳ සමාගමේ තේ ඇමෙරිකාවට ගොඩබෑම සඳහා ද අවහිර කළහ.

      1773 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී බොස්ටන් වරායේ නවතා තිබූ තේ නැවකට

වෙස්වලාගෙන ඇතු`ඵ වූ බොස්ටන් වැසියෝ එහි තිබූ තේ පෙට්ටි 342ක් මුහුදට විසි කර දැමූහ. බොස්ටන් තේ සාදය නමින් ප‍්‍රචලිත මෙම සිදුවීම ඇමෙරිකන් විප්ලවයේ ආරම්භය ලෙස සැලකේ. මෙයට ප‍්‍රතිචාර වශයෙන් තේවල වන්දිය ගෙවන තෙක් බොස්ටන් වරාය වසා දැමීමට බි‍්‍රතාන්‍යයෝ කටයුතු කළහ. ඊට අමතරව විවිධ නීති රීති පනවමින් ජනපදවාසීන්ගේ අදහස් නොතකා මැසවුසෙට්ස් හා ජෝර්ජියා වැනි ජනපදවල පාලන ප‍්‍රතිසංවිධානය කිරීමට ද පියවර ගැනුණි. බි‍්‍රතාන්‍ය අනුගමනය කළ මෙම මර්දනකාරී පිළිවෙත නිසා කෝපයට පත් ජනපදවාසීහු 1774 වර්ෂයේ දී පිලඩෙල්පියා නගරයට රැු ස්ව සම්මේලනයක් පැවැත්වූහ. ඇමෙරිකානු විප්ලවය පිළිබඳ ඉතිහාසයේ එය ප‍්‍රථම මහාද්වීපික සම්මේලනය ලෙස ද හැඳින්වේ.

                                                                           . 115
                                                    නොමිලේ බෙදා හැරීම සඳහා ය
                              රූපය 7.2 - බොස්ටන් තේ සාදය

  	      පිලඩෙල්පියා සම්මේලනය ඇමෙරිකන් නිදහස් සටනේ වැදගත් අවස්ථාවකි.
  ජනපද 12ක නියෝජිතයන් සහභාගී වූ මෙම සමු`ඵවේ දී ඇමෙරිකන් ජනපද වෙනුවෙන්
  නීති පැනවීමට හෝ බදු අය කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නැතැයි ප‍්‍රකාශ
  විය. එසේ ම බි‍්‍රතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීමටත් ආරක්ෂාව පතා ජනපදවාසීන් සන්නද්ධ
  විය යුතු බවටත් මෙහි දී යෝජනා සම්මත කර ගැනිණ. මෙයින් පසුව බි‍්‍රතාන්‍ය රජය හා
  ඇමෙරිකන් ජනපද අතර සටන ක‍්‍රමයෙන් උග‍්‍ර අතට හැරිණ. 1775 වර්ෂයේ දී ඇමෙරිකාවේ
  ලෙක්සින්ටන් නගරයේ දී දෙපක්ෂයේ හමුදා අතර අවි ගැටුමක් ඇති වී මරණ රැුසක්
  සිදු විය. අනතුරුව පිලඩෙල්පියා නගරයට නැවතත් රැුස් වූ ජනපදවල නියෝජිතයෝ
  ජනපද භටයන් මහාද්වීපයක හමුදාවක් ලෙස සංවිධානයවීමට තීරණය කොට එම හමුදාවේ
  අණදෙන නිලධාරි තනතුරට ජෝර්ජ් වොෂින්ටන් පත් කර ගත්හ. ඇමෙරිකන් නිදහස්
  සටනට විදේශ ආධාර ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට ද එහි දී කමිටුවක් පත් කර
  ගැනිණ.

  	      බි‍්‍රතාන්‍ය හමුදාවට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමෙන් පසු ජනපදවල
  එ්කාබද්ධ නියෝජිත සභාව විසින් 1776 වර්ෂයේ ජුලි 04 දින ඇමෙරිකන් නිදහස් ප‍්‍රකාශය
  නිකුත් කරන ලදි. උපතින් ම මිනිසා සතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් රැුසක්
  පවතින බවත් එ්වා ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසා ආණ්ඩු පිහිටුවන බවත් සඳහන් කළ
  එම ලියවිල්ල මගින් අමෙරිකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන් වූ නිදහස් රාජ්‍යයක් බව
  ප‍්‍රකාශයට පත් කෙරිණ. මීට එකඟ නොවූ බි‍්‍රතාන්‍යයෝ ඇමෙරිකා ජනපදවලට එරෙහිව
  සටන් ආරම්භ කළහ. එම ගැටුම වසර කිහිපයක් පැවතුණි. සටන් ආරම්භ වී මුල් වසර
  දෙක තුළ බි‍්‍රතාන්‍ය හමුදාව ජයග‍්‍රහණ කිහිපයක් ලැබූ නමුත් පසුව බොහෝ විට බි‍්‍රතාන්‍ය
  සටන් අසාර්ථක විය. සැතපුම් දහස් ගණනක් දුර නුහුරු නුපුරුදු ප‍්‍රදේශයක සටන්
  කිරීමට සිදු වූ බැවින් බි‍්‍රතාන්‍ය හමුදාවෝ දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ. මෙම දෙපක්ෂය
  අතර සටන්වල දී ප‍්‍රංශය ඇමෙරිකන් හමුදාවට සහාය ලබා දීමට ඉදිරිපත් විය. පසුව
  ස්පාඤ්ඤය හා  ඕලන්දය ද බි‍්‍රතාන්‍ය විරෝධී පිලට එකතු විය. මේ නිසා ඇමෙරිකන්
  නිදහස් සටන බි‍්‍රතාන්‍යයට අවාසිදායක තත්ත්වයට පෙරළිණ. ඇමෙරිකාව ඇතුළත සිදු

116 . නොමිලේ බෙදා හැරීම සඳහා ය වූ සටන් කිහිපයකින් ම තමන් පරාජයට පත්වීම නිසා 1783 වර්ෂය වන විට බි‍්‍රතාන්‍ය සාම සාකච්ඡුාවලට යොමු විය. එහි ප‍්‍රතිඵල වශයෙන් 1783 දී අත්සන් කළ පැරිස් සාම ගිවිසුමෙන් ඇමෙරිකාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස බි‍්‍රතාන්‍ය විසින් පිළි ගන්නා ලදි. මෙසේ ඇමෙරිකන් ස්වාධීනතාව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමෙන් පසුව 1789 වර්ෂයේ දී ඇමෙරිකා එක්සත් ජනපද වාසීහු නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්හ. එ් අනුව ජෝර්ජ් වොෂින්ටන් එහි ප‍්‍රථම ජනාධිපතිවරයා විය.

නිදහස් සටනේ ප‍්‍රතිඵල

      බි‍්‍රතාන්‍ය රජය යටතේ වෙන්ව පාලනය වූ ජනපද දහතුනක් එක්සත්ව සටන්

කිරීමෙන් නිදහස දිනා ගැනීම ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. එම අවධිය වන විට ආසියා හා ඇමෙරිකා මහද්වීප තුළ යුරෝපා රටවල යටත් විජිත වශයෙන් පැවති තවත් රටවල් රැුසක් තිබුණි. ඇමෙරිකා නිදහස් සටන එම යටත් විජිතවලට ද කිසියම් ආදර්ශයක් සැපයී ය. ඇමෙරිකන් විප්ලවය නිසා ඇති වූ ප‍්‍රතිඵල කිහිපයක් පහත දැක්වේ.

�� ඇමෙරිකා එක්සත් ජනපදය නම් ස්වාධීන රාජ්‍යය බිහි වීම.
�� සමස්ත මානව සංහතියට ම නිදහසේ අගය පෙන්වා දුන් අවස්ථාවක් වීම
�� මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇති වීම.
�� ලෝකයේ ප‍්‍රථම ලිඛිත සංධීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බිහි වීම.

7.2 ප‍්‍ර‍්‍රංශ විප්ලවය

      වර්ෂ 1789 දී ප‍්‍රංශ රාජාණ්ඩුවට එරෙහිව නැගී සිටි එරට ජනතාව රාජාණ්ඩුව බිඳ

දමා නව පාලනයක් පිහිටුවා ගැනීම ප‍්‍රංශ විප්ලවය නමින් හැඳින්වේ. ප‍්‍ර‍්‍රංශ විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රංශය තුළ ප‍්‍රබල අවධානයක් යොමු වූ අතර පසුව ලෝකයේ සෙසු රටවල්වලට ද එය බලපෑවේ ය.

      දහ අටවන සියවස වන විට ප‍්‍රංශය යුරෝපයේ කැපී පෙනෙන රටක් විය. විදේශ

වෙළෙඳාම හා කාර්මීකරණය අතින් ද ප‍්‍රංශය සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණි. වෙනත් රටවලට වඩා ප‍්‍රංශ ගොවීන්ගේ තත්ත්වය ද යහපත් විය. බුද්ධිමය අතින් හා සමාජ චාරිත‍්‍ර වාරිත‍්‍ර අතින් ද ප‍්‍රංශය යුරෝපයේ කැපී පෙනෙන රටක් බවට පත් වී තිබුණි. එහෙත් ප‍්‍රංශයේ පාලකයන්ගේ දුර්වලතා මත දේශපාලන, සමාජ හා ආර්ථික ප‍්‍රශ්න රැුසක් උද්ගතව තිබුණි. ප‍්‍රංශයේ රජ කළ 16 වන ලූවී රජු එරට පරිහානියේ ප‍්‍රධාන වගකිවයුත්තා විය. මෙම පාලකයාගේ ¥ෂිත පාලනයට එරෙහිව ඉන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ” නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය” යන සංකල්ප පදනම් කර ගනිමින් තම අයිතින්

                                                                         . 117
                                                  නොමිලේ බෙදා හැරීම සඳහා ය
   ඉල්ලා සටන් වැදුණි. ප‍්‍රංශ ජනතාව මෙසේ 1789 වර්ෂයේ දී රාජාණ්ඩු පාලනයට එරෙහි
  ව නැගී සිටියේ එම පාලනයෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්ව තිබූ බැවිණි. ප‍්‍රංශය තුළ එබඳු
  තත්ත්වයක් නිර්මාණය වීමට බලපෑ හේතු රැුසක් පවතී.
  					
  	
  	
                                   ප‍්‍රංශ විප්ලවය බලපෑ දේශපාලන හේතු

  	
                                 	 විප්ලවයට පෙර ප‍්‍රංශයේ පැවතියේ රාජාණ්ඩු
                                 ක‍්‍රමයකි. විප්ලව සමනය වන විට ප‍්‍රංශය පාලනය
                                 කළ රජ පෙළපත බුර්බෝන් රාජ වංශය ලෙස
                                 හැඳින්වේ. දාහතරවන ලූවී රජු හා දහසයවන ලූවී
                                 රජු එම රාජ වංශයේ කැපී පෙනෙන පාලකයන්
                                 දෙදෙනෙකි. එරට රජවරු තමන්ට එම පදවිය දේව
                                 වරමින් ලැබුණු එකක් සේ සලකා කටයුතු කළහ. රජු
                                 වටා විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල
                                 සියල්ල කේන්ද්‍රගතව තිබුණි. අසීමිත බලයෙන් මත්
                                 වූ දාහතරවන ලූවී රජු ”රාජ්‍ය නම් මම යි” යනුවෙන්
                                 ප‍්‍රකාශ කළේ ය. ”මා අපේක්ෂා කරන  ඕනෑ ම
                                 දෙයක් නීත්‍යානුකූල යි” යනුවෙන් ද ඔහු ප‍්‍රකාශ
                                 කර ඇත. කිසිදු නඩු විභාගයකින් තොරව  ඕනෑ
                                 ම අයෙක් අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා
                                 සිරගත කර තැබීමට රජුට බලය තිබුණි. එසේ සිර
                                 ගත කිරීම සම්බන්ධ අසීමිත බලය ප‍්‍රංශ ජනතාවගේ
                                 ඉමහත් අප‍්‍රසාදයට ලක් විය. රජු මෙම බලය
      රූපය 7.3 - දහසයවන ලූවී රජු   පෞද්ගලික හා දේශපාලන සතුරන් මැඬීමට යොදා
                                 ගත් අතර ඔවුන් සිර කර තබන ලද්දේ බැස්ටීල් නම්
  බන්ධනාගාරයේ ය. මේ නිසා රාජාණ්ඩු ක‍්‍රමය යටතේ ක‍්‍රියාත්මක වන ¥ෂිත පාලනයේ
  සංකේතයක් බඳු වූ බැස්ටීල් බන්ධනාගාරයට ප‍්‍රංශ විප්ලවයේ මුල් ම ප‍්‍රහාරය එල්ල විය.

  	     රජු ගත කළ අධික සුඛෝපභෝගී ජීවිතය, ජනතා අප‍්‍රසාදයට බඳුන් වූ තවත්
  කරුණක් විය. රජු වාසය කළ වර්සෙල්ස් නම් මාලිගය අක්කර ගණනක් පුරා විහිදුණ
  විශාල එකකි. එය ජලාශ, ජල උද්‍යාන, මල් උද්‍යාන හා අලංකාරයට යෙ¥ විවිධ නිර්මාණ
  ආදියෙන් සමන්විත විය. රජුගේ මාලිගය දෙස බැලීමෙන් රජු ගත කළ අධික සුඛෝපභෝගී
  ජීවිතය	පිළිබඳ කිසියම් අවබෝධයක් ලැබේ.

118 . නොමිලේ බෙදා හැරීම සඳහා ය රූපය 7.4 - වර්සෙල්ස් මාලිගය රූපය 7.5 - මාලිගයේ උද්‍යානය

රූපය 7.6 - මාලිගයේ ඇතුළ                  රූපය 7.7 - මාලිගයේ නිදන කාමරයක්

     මෙසේ වෙන ම සුඛෝපභෝගි මාලිගයක තමාට ම විශේෂ වූ වටපිටාවක කල්

ගෙවූ බැවින් පොදු ජනතාව හා රජු අතර සබඳතාව බොහෝ දුරස් වී තිබුණි. මාලිග යට ඇතු`ඵ වීම සඳහා සාමාන්‍ය ජනතාවට අවසර නොතිබූ අතර එහි යාමට හැකි වූයේ පූජකවරුන්ට හා රදලයන්ට පමණි. රජු රටේ තොරතුරු දැන ගත්තේ රදලයන් මගිනි. රදලයින් රට හා ජනතාව පිළිබඳ රජු ඉදිරියේ මවා පෑවේ බොහෝ විට වැරදි චිත‍්‍රයකි.

                 රූපය 7.8 - වර්සෙල්ස් මාලිගයේ ඉදිරිපස ගේට්ටුව



                                                                                 . 119
                                                          නොමිලේ බෙදා හැරීම සඳහා ය
   	      බඩගින්නේ පෙළුණු මහජනතාව මාලිගය වටලා පාන් ඉල්ලන විට දාසයවන ලූවී
  රජුගේ බිසව වූ මාරි ඇන්ටෝයිනට් ”පාන් නැන්තම් කේක් කාපල්ලා” යැයි ප‍්‍රකාශ කළේ
  පාන්වලට වඩා කේක්වල මිල අධික බව වත් නොදත් බැවිනි. මෙසේ රජු හා සාමාන්‍ය
  ජනතාව අතර සම්බන්ධතාව දුරස්වීම ජනතාවගේ කලකිරීමටත් එය විප්ලවයක් දක්වා
  වර්ධනය වීමටත් හේතු විය.




                    මාරි ඇන්ටොයිනට් බිසව ඉතා අහංකාර කාන්තාවක් වූවා ය.
                    ඇය රජුගේ අධික බලය හා දුර්වලකම් ප‍්‍රයෝජනයට ගෙන
                    පාලන කටයුතුවලට ද ඇඟිිලි ගසා ඇත.

                           රූපය 7.9 - මාරි ඇන්ටොයිනට් බිසව
  	
  	      ප‍්‍රංශ රාජාණ්ඩුව රජු ප‍්‍රමුඛ උපදේශක මණ්ඩලයක් හා එම මණ්ඩලයේ උපදෙස්
  මත ක‍්‍රියාත්මක වූ අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත විය. මෙම රාජාණ්ඩුව අතිශයින් ම
  ¥ෂිත විය. රදලයන් අත පැවති ප‍්‍රදේශීය පාලනය අතිශයින් ම අකාර්යක්ෂම විය. එම නිසා
  රජය විසින් ප‍්‍රදේශීය පාලනය සඳහා ”ඉන්ටෙන්ඩන්ට්” නම් නිලධාරි පිරිසක් පත් කරන
  ලදි. එහෙත් රදලවරුන් හා නව නිලධාරින් අතර වූ ගැටුමෙන් පාලනයේ එ්කාබද්ධතාව
  බිඳී ගොස් සාමාන්‍ය ජනතාව වඩාත් පීඩාවට පත් විය.

  	    කෙතරම් දුෂ්කරතාවට පත් වුව ද රජුගේ එ්කාධිපති බලතලවලට හා රාජාණ්ඩුවේ
  පාලනයට විරුද්ධ වීමට හෝ තම දුක් ගැනවිලි පැවසීමට හෝ අවස්ථාවක් මහජනතාවට
  නොවීය.

  	      පොදු ජනතාවගේ ගැටලූ සාකච්ඡුා වූ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත
  ”ස්ටේට් ජනරල් සභාව” නම් මණ්ඩලයක් ප‍්‍රංශයේ පැවති නමුත් එය වසර 175ක් පමණ
  කාලයකින් කැඳවා නොතිබිණි. මේ නිසා රාජාණ්ඩුවේ තිබූ අකාර්යක්ෂම හා ¥ෂිත පාලනය
  ප‍්‍රංශය තුළ විප්ලවකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බව පෙනේ.

120 . නොමිලේ බෙදා හැරීම සඳහා ය ප‍්‍රංශ විප්ලවයට බලපෑ සමාජ හේතු

      විප්ලව සමය වන විට ප‍්‍රංශයේ පැවැතියේ වැඩවසම් ලක්ෂණ සහිත සමාජ

ක‍්‍රමයකි. වැඩවසම් ක‍්‍රමය යනු විශාල වශයෙන් ඉඩම් අයිති කරගෙන සිටි රදලවරුන්ගේ සහයෝගයෙන් ගෙන ගිය රාජාණ්ඩු පාලන ක‍්‍රමයකි.

      විප්ලව සමය වන විට ප‍්‍රංශ සමාජයේ රජ පවුල හැරුණු විට පූජකයන්, රදලයන්

හා සාමාන්‍ය ජනතාව වශයෙන් සමාජ ස්ථර තුනක් දක්නට ලැබුණි. පූජකවරු හා රදලයෝ ප‍්‍රංශ සමාජයේ වරප‍්‍රසාද ලත් පිරිසක් වූහ. සාමාන්‍ය ජනතාව අතර මධ්‍යම පන්තිය, ගොවි ජනතාව හා කම්කරු ජනතාව වශයෙන් කොටස් තුනක් දක්නට ලැබුණි. රදලවරුන් හා පූජක පිරිස ජනගහනයෙන් සු`ඵතරය වූ අතර බහුතරය සාමාන්‍ය ජනතාව විය. මධ්‍යම පන්තිය යනු වෙළෙඳාම හා වෙනත් ව්‍යාපාරික කටයුතුවලින් ධනවත් වූ පිරිසකි. එහෙත් ඔවුන්ට දේශපාලන වශයෙන් වැදගත්කමක් ලැබී නොතිබිණි.

බි‍්‍රතාන්‍ය වැනි රටවල මේ අවධිය වන විට මධ්‍යම පන්තියට දේශපාලන බලතල ලැබී තිබුණි. එහෙත් ප‍්‍රංශයේ රදලයන් සතු වූ අධිපතිවාදී බලතල නිසා මධ්‍යම පාන්තිකයෝ් කලකිරී සිටියහ.

      බදු ගෙවීමෙන් නිදහස් වූ පූජකවරු සාමාන්‍ය ජනතාවගෙන් බදු ලබන පිරිසක්

වූහ. මේ නිසා බොහෝ පූජකවරු ඉතා ධනවත්ව සිටියහ. ප‍්‍රංශයේ ඉඩම්වලින් වැඩි ප‍්‍රමාණයක් රදලයන්් සතු විය. රදලයන් භුක්ති විඳි වරප‍්‍රසාදවලින් කිහිපයක් පහත දැක්වේ.

�� රටේ ඕනෑ ම ස්ථානයක මසුන් ඇල්ලීමට හා දඩයම් කිරීමට ඔවුන්ට අයිතියක් තිබුණි. �� රදලයන් සතු ධාන්‍ය ඇඹුරුම්හල්, වයින් පෙරන යන්ත‍්‍ර, පෝරණු ආදියෙන් ගොවියන් සිය අවශ්‍යතා ඉටු කර ගත යුතු වූ අතර එ් සඳහා අධික ගාස්තු අය කිරීමෙන් රදලයන්ට විශාල ආදායමක් ලැබුණි. �� ගොවීන්ගේ ඉඩම්වලින් බදු අය කර ගැනීමේ අයිතිය රදලයන් සතු විය. �� රජයට ගෙවිය යුතු බදුවලින් රදලයෝ නිදහස් වූහ.

      ප‍්‍රංශ සමාජයේ උගත්කමින් ධනයෙන් ඉදිරියෙන් සිටි පිරිස වූයේ මධ්‍යම පන්තිය

යි. එහෙත් එම මට්ටම අනුව සමාජයේ තැනක් ඔවුනට හිමි නොවී ය. උගත්කමින් ඉහළ මට්ටමක සිටිය ද රජයේ නිලතල කිසිවක් ඔවුනට හිමි නොවූ අතර එ්වා නූගත් අකාර්යක්ෂම රදලයන්ට හිමි විය. කෙනෙකුගේ තත්ත්වය මැනිය යුත්තේ උපත අනුව නොව හැකියාව හා ධනය මත ය යන අදහස ඇති වූයේ මේ නිසා ය. බටහිර සමාජය තුළ සාමානාත්මතා සංකල්පය බිහි වීමට මෙය හේතු වූ පසුව අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම බවට පත් විය.

                                                                         . 121
                                                  නොමිලේ බෙදා හැරීම සඳහා ය
   	     ප‍්‍රංශයේ වරප‍්‍රසාද අහිමි සාමාන්‍ය ජනතාව අතරින් මහත් පීඩාවට පත් පිරිස වූයේ
  ගොවි ජනතාව යි. ඔවුන් ප‍්‍රංශ ජනගහනයෙන් 92%ක් නියෝජනය කළේ ය. මහන්සි වී වැඩ
  කරන ජනතාවක් වූ ඔවුන් ඉඩම්වල අයිතිය ඇතැම් විට තමන් සතු වුව ද අකාර්යක්ෂම
  රදලයන්ට අසාධාරණ ලෙස බොහෝ බදු ගෙවීමට සිදු විය. බදු බර හා ජීවත්වීම යන
  ගැටලූවලින් ඔවුහු දැඩි පීඩාවට පත්ව සිටියහ.


  ප‍්‍රංශ විප්ලවයට බලපෑ ආර්ථික හේතු

  	      විප්ලව සමය වන විට ප‍්‍රංශ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් ම බංකොලොත් වී
  තිබුණි. ඊට බලපෑ හේතු කිහිපයක් මෙපරිදි ය.
      ර්ර් රජුගේ සහ රජ පවුලේ සුඛෝපභෝගී ජීවිතය සඳහා වූ අධික වියදම්
      ර්ර් අනවශ්‍ය යුධ වියදම්

  බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ සත් අවුරුදු යුද්ධය සහ ඇමෙරිකන් නිදහස් සටන සඳහා ප‍්‍රංශය සහයෝගය
  දීම නිසා එරටට ආර්ථික වශයෙන් පාඩු සිදු විය.

     ර්ර් අකාර්යක්ෂම බදු ක‍්‍රමය

  	      ප‍්‍රංශයේ පැවති අධික බදු බර ප‍්‍රංශ විප්ලවයට බලපෑ තවත් ප‍්‍රධාන හේතුවක්
  විය. ප‍්‍රංශයේ සාමාන්‍ය වැසියන් තම ආදායමෙන් 60%ක් පමණ බදු වශයෙන් ගෙවිය යුතු
  විය. මහජනතාව පීඩාවට පත් කළ බදු වර්ග රැුසක් ප‍්‍රංශයේ පැවතුණි. ටේලි, ගැබේල් හා
  කැපිටේෂන් යන බදු වර්ග තුන ඊට උදාහරණ වේ.
  	 ටේලි x සාමාන්‍ය ජනතාවගේ නිවාස හා ඉඩම්වලින් අය කළ බද්දකි. මෙම බදු
         වර්ගය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් විය. ලියෝන් පැරිස් වැනි නගර මෙම
         බද්දෙන් නිදහස් කර තිබුණි.
  	 ගැබෙල් x ලූණුවලින් අය කළ බද්දකි. සෑම වැඩිහිටි අයෙක් ම වසරකට ලූණු
         රාත්තල් හතක් මිල දී ගත යුතු විය. ලූණු මිල ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් විය.
         මේ නිසා මිල අඩු ප‍්‍රදේශවල සිට මිල වැඩි ප‍්‍රදේශවලට හොරෙන් ලූණු ප‍්‍රවාහනය
         කෙරිණ. ලූණු විකිණීම රජයේ එ්කාධිකාරයක් වූ බැවින් හොරෙන් ලූණු ප‍්‍රවාහනය
         කළ දහස් ගණන් පිරිස් බන්ධනාගාර ගත කර තිබුණි.
  	 කැපිටේෂන් x සෑම දෙනෙකුගෙන් ම අය කරන බද්දක් ලෙස 1695 දී හඳුන්වා
         දී තිබුණි. එහෙත් ක‍්‍රියාත්මක වීමේ දී එහි බදු බර ද සාමාන්‍ය ජනතාව පිට ම
         පැවරිණ.
  	       ප‍්‍රංශයේ පැවැති ප‍්‍රදේශ පදනම් කරගත් පාලන ක‍්‍රමය නිසා පළාතෙන් පළාතට
  ක‍්‍රියාත්මක වූ නීති රීති බදු ක‍්‍රම වෙනස් විය. මේ තත්ත්වය ප‍්‍රංශයේ අභ්‍යන්තර හා බාහිර
  වෙළෙදාම ද, ආර්ථික සංවර්ධනයට ද විශාල බාධාවක් විය. වෙළෙඳ කටයුතුවල නිරත
  වූ මධ්‍යම පන්තිකයන්ට මේ නීති රීති හා බදු නිසා අධික බදු මුදලක් ගෙවීමට සිදු විය.
  දකුණු ප‍්‍රංශයේ සිට පැරීසියට වයින් පටවාගෙන ගිය ජල යාත‍්‍රාවකට ස්ථාන හතළිහක දී

122 . නොමිලේ බෙදා හැරීම සඳහා ය බදු ගෙවීමට සිදු වූ අතර එ් සඳහා වියදමට අමතර ව සති දෙකක කාලයක් ගත වූ බව ද වාර්තා වේ. ප‍්‍රංශයේ වෙළෙඳාම හා සියලූ ආර්ථික කටයුතු සඳහා මධ්‍යම පාන්තිකයින් කටයුතු කළත් වෙළෙඳ එ්කාධිකාරය රජය සතු විය. එහෙත් ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්නා ලද්දේ ව්‍යාපාරික කටයුතු ගැන අවබෝධයක් නොතිබූ රදලයන් විසිනි. රාජ්‍ය භාණ්ඩාගාරය බංකොලොත් වීමෙන් මධ්‍යම පන්තිකයින් ආයෝජනය කළ මුදල් සඳහා සුරක්ෂිත බවක් නොවී ය. මෙය මධ්‍යම පන්තියේ දියුණුවට බාධාවක් විය. නිර්බාදවාදී (රජයේ මැදිහත්වීම අඩු* ආර්ථික ක‍්‍රමයක් මධ්‍යම පන්තියේ අපේක්ෂාව විය. එහෙත් මධ්‍යම පන්තිය අපේක්ෂා කළ ක‍්‍රියාශීලී පාලනය හෝ ආර්ථික සුරක්ෂිතභාවය හෝ ලබා දීමට ප‍්‍රංශ රාජාණ්ඩුව අපොහොසත් විය. මධ්‍යම පන්තිය විප්ලවයට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ මෙබඳු කරුණු නිසා ය.

ප‍්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනික මතවාද

                              	 ගොඩනැගෙමින්       තිබූ   රාජාණ්ඩු විරෝධී
                           හැගීම්වලට ප‍්‍රංශ දාර්ශනික මතවාදවලින් නව ජීවයක්
                           ලැබුණි. මොන්ටෙස්ක්‍යු, වෝල්ටෙයර් සහ රූසෝ
                           යන දාර්ශනිකයන්ගේ අදහස් විප්ලවය දිරිමත් කරන
                           චින්තනයන් සැපයී ය.
                              	 මොන්ටෙස්ක්‍යු ”නීතියේ සාරය” නම් තම කෘතිය
                           මගින් එක් පුද්ගලයෙකු වටා බලය එ්කරාශී වීම නුසුදුසු
                           බවත්, ඉන් එ්කාධිපති පාලනයක් ගොඩනැගෙන
                           බවත් ප‍්‍රකාශ කළේ ය. එනිසා බලය ව්‍යවස්ථාදායක,
                           විධායක හා අධිකරණ ලෙස අංශ තුනකට බෙදිය
                           යුතු බවත් එමගින් එ්කාධිපති පාලනයක් ගොඩනැගීම
රූපය 7.10 - මොන්ටෙස්ක්‍යු   වැලැක්වෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.


     වොල්ටෙයාර් ස්වාධීන මත ප‍්‍ර‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව අදහස් දැක්වී ය. ඔහු

රාජාණ්ඩුව හා පල්ලියේ එ්කාධිකාරය දැඩිව විවේචනය කළේ ය.

                         	රූසෝ සමාජ සම්මුතිය නම් න්‍යාය මගින් ජනතා
                      ස්වාධිපත්‍ය සංකල්පය ඉදිරිපත් කළේ ය. රජු මහජනතාවගේ
                      ශුභ සිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවත් එසේ නොවන
                      පාලකයන් පලවා හැරීමේ අයිතිය ජනතාව සතු බවත් හෙතෙම
                      ප‍්‍රකාශ කළේ ය. ඔහුගේ මෙම අදහස් සමානාත්මතාව සහ
                      ජනතා පරමාධිපත්‍ය යන සංකල්පවල පදනම විය.



රූපය 7.11 - රූසෝ

                                                                            . 123
                                                     නොමිලේ බෙදා හැරීම සඳහා ය
   	     මීට අමතරව ඇමෙරිකන් නිදහස් සටනට සහයෝගය සඳහා ගිය ප‍්‍රංශ සොල්දාදුවන්
  එම සටන මගින් නිදහස පිළිබඳ සංකල්පය හඳුනාගැනීම හා එය ප‍්‍රංශය තුළ ක‍්‍රියාත්මක
  කිරීමට එකතු වීමත් ප‍්‍රංශ විප්ලවය සඳහා බලපෑවේ ය.


  විප්ලවය

  	       1789 වර්ෂය වන විට විරෝධතාවන් ගොඩනැගෙමින් තිබූ ප‍්‍රංශයේ විප්ලවයට
  ආසන්න හේතුව වූයේ ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසා උද්ගත වූ තත්ත්වය යි. එම
  තත්ත්වයට පිළියම් වශයෙන් බදු ප‍්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු විය. එ් සඳහා ස්ටේට්
  ජනරල් සභාව නම් මන්ත‍්‍රණ සභාව කැඳවීමට රජුට සිදු විය. මෙම සභාව වසර 175ක්
  පමණ කාලයක් තිස්සේ කැඳවා නොතිබූ බැවින් සභාවාරය පැවැත්වීම පිළිබඳ ගැටලූ
  පැන නැගුණි. රදල පන්තිය, පූජක පන්තිය හා සාමාන්‍ය ජනතාව නියෝජනය කළ පිරිස්
  මෙම සභාවට අයත් වූ අතර රදල පන්තිය හා පූජක පන්තිය ඉහළ සභාවක් (උත්තර
  මණ්ඩලයක්* ලෙස වෙන ම රැුස් විය යුතු යැයි රදලයා් ප‍්‍රකාශ කළහ. රදලයන්ගේ අරමුණ
  වූයේ රදල පූජක දෙපිරිස එකතු වී තුන්වන පන්තියේ යෝජනා පරාජය කිරීමයි. රජතුමා ද
  රලයන්ගේ මතයට පක්ෂ වූ අතර තුන්වන පන්තිය එයට විරුද්ධ විය. මෙම අර්බුදය නිසා
  සාමාන්‍ය ජනතාව නියෝජනය කළ තුන්වන පන්තියේ නියෝජිතයෝ වෙනම රැුස් වූහ.




                             රූපය 7.12 - බැස්ටීල් බන්ධනාගාරයට පහර දීම

124 . නොමිලේ බෙදා හැරීම සඳහා ය රදලයන්ගේ බලපෑම මත ඔවුන් රැුස් වූ ශාලාව වසා දැමීමට රජු කටයුතු කිරීම නිසා ජාතික මණ්ඩලය ලෙස හඳුන්වා ගත් එම පිරිස ගෘහස්ථ ටෙනිස් පිටියකට රැුස්වී ප‍්‍රංශයට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර විසිර නොයන බවට දිවුරුම් දුන්හ. මෙය ටෙනිස් පිටියේ දිවුරුම ලෙස හැඳින්වේ. මෙම පිරිසට ප‍්‍රංශ මහ ජනතාවගේ සහාය ලැබුණි. රාජාණ්ඩුව කෙරේ කලකිරී සිටි පැරීසියේ ජනතාව අවි ආයුධ ගෙන නගරයට රොක් වූහ. ඔවුහු 1789 ජූලි 14 දින ප‍්‍රංශ රාජාණ්ඩුවේ අසාධාරණකම්වල සංකේතයක් ලෙස සැලකූ බැස්ටීල් නම් බන්ධනාගාරයට පහර දුන් පැරිස් වැසියෝ එහි සිටි සිරකරුවන් නිදහස් කළහ. එය ප‍්‍රංශ විප්ලවයේ ආරම්භය විය.

       පැරිසියේ ඇති වූ කැරලිකාර තත්ත්වය රට පුරා පැතිරිණ. 16 වන ලූවී රජුට මෙම

තත්ත්වය පාලනය කර ගත නොහැකි විය. මේ නිසා රජුගේ බලය බිඳ වැටී මධ්‍ය පාලනය මෙන් ම ප‍්‍රදේශීය පාලනය ද විප්ලවවාදීන් අතට පත් විය. විප්ලවවාදීහු ලනායෙට් නම් නායකයා යටතේ ජාතික ආරක්ෂක හමුදාවක් පිහිටුවාගෙන රට පුරා විප්ලවවාදී කමිටු පිහිටුවමින් රට සන්සුන් කර ගත්හ. විප්ලවවාදීන්ගේ පාලනය යටතේ 16 වන ලූවී රජුට හා මාරි ඇන්ටෙනයිට් බිසවට එරෙහිව නඩු විභාගයක් පවත්වා එම දෙදෙනාට ම මරණ දඬුවම ලබා දුණි.

ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රතිඵල ප‍්‍රංශ විප්ලවය නිසා ප‍්‍රංශයේ දේශපාලන, ආර්ථික හා සමාජීය අංශවල වෙනස්කම් රැුසක් සිදු විය. අසහාය රාජාණ්ඩු ක‍්‍රමයකට හා අසාධාරණ සමාජ ආර්ථික ක‍්‍රමයකට එරෙහිව මහජනතාව නැගී සිටි එම විප්ලවය හේතුවෙන් ලෝක දේශපාලන ක්ෂේත‍්‍රයට විශාල අත්දැකීම් හා ආදර්ශ රැුසක් ලැබුණි. එම විප්ලවයේ ප‍්‍රතිඵල කිහිපයක් පහත දැක්වේ.

ÛÛ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇති වීම.
       ප‍්‍රංශ විප්ලවවාදීන් විසින් 1791 වර්ෂයේ දී මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනයක්

එළි දක්වන ලදි. මූලික මිනිස් අයිතිවාසිකම් යනු ස්වභාවයෙන් ම මිනිසාට හිමි විය යුතු අයිතීන් විනා පාලකයන් ලබා දිය යුතු දෙයක් නොවන බවට එමගින් අර්ථ දැක්විණ. මානව අයිතිවාසිකම් පිළිබඳ එම ප‍්‍රකාශනයේ සඳහන් වූ අදහස් කිහිපයක් මෙසේ ය.

     සෑම මිනිසෙක් ම නිදහස් පුද්ගලයෙකු ලෙස උපත ලබන බැවින් ඔවුන් සියලූ

දෙනාට සමාන අයිතිවාසිකම් හිමි විය යුතු ය.

 �� සෑම රටවැසියෙකුට ම නීති සම්පාදනය කිරීමේ කාර්යයට සම්බන්ධ වීමට
    අයිතියක් තිබේ.
 �� සෑම පුරවැසියෙකුටම නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට හා කැමති ආගමක්
    ඇදහීමට අයිතිය තිබිය යුතු ය.



                                                                           . 125
                                                    නොමිලේ බෙදා හැරීම සඳහා ය
   	      ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රධාන සටන් පාඨ වූ නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය
  යන සංකල්පවලට ඉහත සඳහන් මිනිස් අයිතිවාසිකම් ප‍්‍රකාශනය් උපුටන තුන මගින්
  ප‍්‍රධාන පිළිගැනීමක් ලැබිණ. ලොව පුරා සමාජ අසාධාරණකම්වලින් පීඩනයට පත්ව
  සිටි ජනතාවට මෙමගින් මහත් ආශිර්වාදයක් ලැබිණ. එබැවින් පසුව ලෝකයේ බොහෝ
  රටවල් මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්ප, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මගින් ම නීති
  ගත කිරීමට පෙළඹිණ.
  	
  	      ප‍්‍රංශ විප්ලවය නිසා ප‍්‍රංශය තුළ ද වෙනස්කම් රැුසක් සිදු විය. එ්වා ද විප්ලවයේ
  ප‍්‍රතිඵල ලෙස සැලකිය හැකිය. එබඳු වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ.

     �� ප‍්‍රංශ රාජාණ්ඩුක‍්‍රමය බිඳ වැටීම
     �� ප‍්‍රංශ ගොවි කම්කරු ජනතාවට සහන ලැබීම
     �� ප‍්‍රංශයේ අස්ථාවර දේශපාලන ක‍්‍රමයක් බිහි වීම

  	       ප‍්‍රංශ විප්ලවයට නායකත්වය දුන් පිරිස් විවිධ දේශපාලන මත දැරූ අය වූ හෙයින්
  විප්ලවයෙන් පසුව විටෙන් විට ආණ්ඩු මාරුවීම් කිහිපයක් සිදු විය. 1789 සිට 1799 දක්වා
  වර්ෂවල එම තත්ත්වය පැවතුණි. මෙම අස්ථාවර දේශපාලන තත්ත්වය නිසා 1799 වර්ෂයේ
  දී හමුදා නිලධාරියෙකු වූ නැපොලියන් බොනපාට් ප‍්‍රංශයේ බලය අල්ලා ගත්තේ ය. එතැන්
  සිට ප‍්‍රංශයේ බිහි වූයේ අලූත් දේශපාලන තත්ත්වයකි.



          ක‍්‍රියාකාරකම

          ප‍්‍රංශවාසීන් දිනාගත් මානව අයිතිවාසිකම් යන මාතෘකාව යටතේ රචනාවක්
          ලියන්න.



   7.3 රුසියානු විප්ලවය

  	      විසි වන සියවස වන විට රුසියාව ලෝකයේ ගොඩබිම් භූමි ප‍්‍රමාණයෙන් හයෙන්
  එකක පමණ පැතිරී ගිය විශාල අධිරාජ්‍යයක් විය. මෙම විශාල අධිරාජ්‍ය පාලනය කිරීම ස`දහා
  ක‍්‍රමවත් සංවිධානයක් අවශ්‍ය වී තිබුණි. එවකට සිටි රුසියානු පාලකයෝ හමුදාව, පොලීසිය
  සහ රහස් පොලීසිය යොදා මෙම විශාල අධිරාජ්‍ය තුළ දැඩි පාලනයක් ගෙන ගියෝ ය.
  මෙම පාලනයට ක‍්‍රිස්තියානි පල්ලියේ දේවවරම්වාදී සංකල්පය මහත් පිටුවහලක් විය. මේ
  තත්ත්වය යටතේ රුසියානු පාලකයන් වූ සාර්වරු ඒකාධිපතියන් වශයෙන් කටයුතු කළහ.
  රුසියාවේ පැවැති වැඩවසම් සමාජ ආර්ථික ක‍්‍රමයෙන් ජනගහනයෙන් අතිවිශාල පිරිස
  ගොවි ජනතාව ද දහනව වන සියවසේ කාර්මික දියුණුව නිසා බිහි වූ කම්කරු පන්තිය ද

126 . නොමිලේ බෙදා හැරීම සඳහා ය පාලකයන්ගේ ද පල්ලියේ ද වංශාධිපතිවරයාගේ ද දැඩි ග‍්‍රහණයට ලක්ව තිබුණි. පළමුවන ලෝක යුද්ධය පැවැති මේ සමයේ රුසියාව ද එම යුද්ධයට සම්බන්ධ වීම නිසා ජනතාව තව තවත් පීඩාවට පත් විය. මේ නිසා විප්ලවයේ තේමාව වූයේ සාමය, ඉඩම් හා ආහාර යන්න යි. මෙම තේමා යටතේ 1917 මාර්තු හා ඔක්තොම්බර් යන මාසවල විප්ලව දෙකක් ඇති විය. පන්ති රහිත සමාජයක් ගොඩනැගීමේ අරමුණින් වර්ධනය වූ මෙම විප්ලවය පිළිබ`ද සොයා බලමු.

විප්ලවයට බලපෑ හේතු

      විසිවන සියවස වන විට ප‍්‍රංශයේ මෙන් රුසියාවේ ද පැවැතියේ ¥ෂිත ඒකාධිපති

රාජාණ්ඩු ක‍්‍රමයකි. රුසියාවේ රජ කළ සාර් නමින් හැදින්වූ රජවරු දේවවරම් වාදය අනුව කටයුතු කළ පිරිසකි. එනම් රජකම දෙවියන් දුන් වරමක් ලෙස සලකා තමන් ගැන පමණක් සිතා ඔවුහු ඉතා ¥ෂිත පාලනයක් ගෙන ගියහ. රජයේ ආදායම් වැඩි කර ගැනීම සදහා ජනතාව පෙළමින් බදු අය කෙරිණ. ආගමේ ඉගැන්වූ දේවවරම් වාදය අනුව කටයුතු කළ රජවරු ආගම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ නමුත් ජනතාවගේ ආර්ථික හා සමාජීය ප‍්‍රශ්න විස`දීමෙහි ලා උනන්දු නො වූහ.

      රුසියාවේ ආර්ථික හා සමාජ රටාව දෙස බලන විට එහි පැවතියේ වැඩවසම්

සමාජ ක‍්‍රමය පදනම් කර ගත් කෘෂිකාර්මික ආර්ථික රටාවක් බව පෙනේ. පාරම්පරිකව ඉඩම් අයිතිය රදලවරුන් සතු විය. රටේ සාමාන්‍ය වැසියන් වූ ගොවියෝ ප‍්‍රවේණිදාසයන් ලෙස වගා කටයුතු කළහ. රදලවරුන් ධනවතුන් වූ අතර ප‍්‍රවේණිදාසයන් ඔවුන්ගේ දේපළක් ලෙස සැලකිණ. ගොවියන් රදලවරුන්ගේ ඉඩම් වගා කිරීම වෙනුවෙන් අස්වැන්නෙන් කොටසක් බදු වශයෙන් රජයට, පල්ලියට සහ රදලයන්ට ගෙවීමට සිදු වීම නිසා ඔවුහු විවිධ ආර්ථික ගැටලූවලට මුහුණ දුන්හ. 19 වන සියවස වන විට රුසියාවේ පැතිර ගිය කාර්මීකරණය නිසා සාමාන්‍ය කම්කරු පිරිසක් ද බිහිව සිටියහ. කම්කරුවන්ගේ තත්ත්වය ගොවියන්ට වඩා සතුටු දායක විය. එහෙත් ඔවුන් ඉතා සුඵ පිරිසකි. මධ්‍යම පන්තිය ද සුඵ පිරිසකගෙන් සමන්විත වූ අතර ඔවුන්ගේ වැඩි දෙනා රජයේ සේවකයන් විය. රුසියාවේ මෙම තත්ත්වය පවතිද්දී 1904 x 1905 අතරතුර කාලයේ දී ජපානය සමග යුද්ධයෙන් රුසියාව පරාජයට පත් විය. එය 1905 දී රාජ්‍ය විරෝධී කැරැුල්ලක් ඇති වීමට ආසන්න ම හේතුවක් විය. ගොවි කැරලි හා කම්කරු වර්ජන වශයෙන් 1905 දී ඇති වූ මෙම රාජ්‍ය විරෝධී සටනට නාවික හමුදාවේ කැරලිකරුවෝ ද එකතු වූහ. මෙම සටන ජය ගැනීමට කැරලිකරුවන්ට නොහැකි වුවත් එය රාජ්‍ය විරෝධි සටනක් ස`දහා පෙරනිමිත්තක් විය. ජනතාව රජයට එරෙහිව පෙළ ගැසෙන බව තේරුම් ගත් සාර් පාලකයෝ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් ලබා දුන් නමුත් ඉන් තෘප්තිමත් නොවූ ජනතාව නැවත විරෝධතා දක්වන්නට පටන් ගත්හ. එහි දී රජු ප‍්‍රතිසංස්කරණ නෙතකා හැර දැඩි මර්දනකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එබැවින් එම කැරලි මෙහෙයවූ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික් පක්ෂය ඩුමාව නම් මන්ත‍්‍රණ සභාවෙන් ඉවත්ව සිය වැඩ කටයුතු රහසිගතව කරගෙන යාමට පටන් ගත්තේ ය. මේ අතර 1914 දී පළමුවන ලෝක මහා සංග‍්‍රාමය ඇරඹිණි. රුසියාව මිත‍්‍ර පාර්ශ්වයේ නායකයෙකු වශයෙන් පළමු

                                                                          . 127
                                                   නොමිලේ බෙදා හැරීම සඳහා ය
   වන ලෝක යුද්ධයට සම්බන්ධ විය. මේ නිසා රුසියාවට බොහෝ හානි සිදු විය. එහි
  දී රුසියානු ගොවීන් හා කම්කරුවන් විශාල වශයෙන් හමුදාවට බඳවාගැනීම සිදු විය.
  එය ඔවුන්ගේ කැමැත්තෙන් සිදු වූවක් නො වී ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගොවිතැන්
  කිරීමට පුහුණු ගොවියන් හිඟ වූ බැවින් ගොවිතැන් කටයුතු අඩාළ විය. මේ අවස්ථාවේ
  කර්මාන්තශාලාවලින් වැඩි ප‍්‍රමාණයක් අවි ආයුධ නිපදවීමට යොදා ගත් බැවින්, ආහාර,
  බෙහෙත්, පොහොර ආදි අත්‍යවශ්‍ය දේ නිපද වීම අඩාළ විය. මේ නිසා රට පුරා උග‍්‍ර
  ආහාර හිඟයක් ඇති වී භාණ්ඩවල මිල නොසිතූ තරම් ඉහළ ගියේ ය. ජනතාව වඩාත්
  පීඩාවට පත් කළේ පාන් මිල ඉහළ යාම යි. මේ නිසා රටේ ජනතාව ඉතා පීඩාවට පත්ව
  සිටියහ. එය පුපුරායාම 1917 දී සිදු විය.


  1917 මාර්තු විප්ලවය
  	      1917 මාර්තු විප්ලවය ආරම්භ වූයේ රෙදි කම්හලක ඇති වූ වැඩවර්ජනයකිනි.
  එය දින තුනක් යන විට මහා වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය. පීඩිත කණ්ඩායම්
  සියල්ලෝ ම ඒ ස`දහා එක් වූහ. වීථි පුරා පාන් ඉල්ලමින් ජනතා උද්ඝෝෂණ පැවැත්විණ.
  සාර් පාලනයේ හමුදාවෝ ද උද්ඝෝෂණයට එක් වූහ. මේ නිසා රජයට ජනතා විරෝධය
  පාලනය කළ නොහැකි වූ අතර 1917 මාර්තු මාසයේ දී රජුට සිහසුන අත්හැරීමට සිදු විය.
  සාර් පාලනය බි`ද වැටීමෙන් පසු පාලන බලය කෙරෙන්ස්කි නම් නායකයාගේ සටන්කාමී
  බලවේග අතට පත් විය. එ් යටතේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන ලදි. එහෙත් එම
  පාලකයන්ට රටේ අවශ්‍යතා ස`දහා විස`දුම් නොවී ය.


  	     රටේ අත්‍යවශ්‍ය සාධක වූයේ ගොවීන්ට ඉඩම්, යුධ භටයන්ට සාමය, රටේ සියල්ලන්ට
  ම ආහාර යන්න යි. මේ නිසා ගොවීහු ඉඩම් ගිනි තබමින්, මංකොල්ලකමින් හා එ්වායේ
  හිමිකරුවන් විනාශ කරමින් ත‍්‍රස්ත ක‍්‍රියාවල නිරත වූහ. එසේ ම නව රජයේ පාලකයෝ
  ධනවාදින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් නිර්ධනයන්ගේ බලාපොරොත්තු
  අහිමි කළහ. එම රජය යුද්ධ කටයුතු දිගට ම පවත්වාගෙන යාමෙන් සොල්දාදුවන්ගේ ද
  බලාපොරොත්තු බි`ද වැටුණි.

  1917 ඔක්තෝම්බර් විප්ලවය

  	      මේ අතර ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික්වරු සෝවියට්
  මණ්ඩල නම් සංවිධාන රට පුරා පිහිටුවමින් ගොවි කම්කරු රජයක් පිහිටුවා ගැනීමේ
  අරමුණින් කටයුතු කළහ. රුසියානු විප්ලවය ආරම්භ වන අවධියේ මෙන්ෂෙවික්වරුන්
  හා බොල්ෂෙවික්වරුන් යනුවෙන් දේශපාලන කණ්ඩායම් දෙකක් බිහිව තිබුණි. යම් යම්
  ප‍්‍රතිසංස්කරණ මගින් ජනතා ප‍්‍රශ්න විසඳිය හැකි යැයි කල්පනා කළ සු`ඵතර පිරිස
  මෙන්ෂෙවික්වරු ලෙස හැඳින් වේ. කොමියුනිට්ස් වාදය පිළිගත් බොල්ෂෙවික්වරුන්
  බහුතරය වූහ. ධනවාදී අර්ථ ක‍්‍රමය බිඳ දමා කොමියුනිට්ස් අදහස් මත පන්ති රහිත
  සමාජයක් බිහි කිරීම බොල්ෂෙවික්වරුන්ගේ අරමුණ විය. ලෙනින් හා ට්‍රොස්කි නායකත්වය

128 . නොමිලේ බෙදා හැරීම සඳහා ය දුන් එම සංවිධානයට කම්කරුවන්, ගොවීන්, සොල්දාදුවන් ඇතුළු පීඩිත ජන කොටස්වල සහාය නිරායාසයෙන් ම ලැබුණි. මාර්තු විප්ලවයෙන් පසුව පිහිටුවූ තාවකාලික ආණ්ඩුව මහජනතාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳීමට අපොහොසත් වූ බැවින් කෙටි කාලයකින් ම එය මහජන අප‍්‍රසාදයට ලක් විය. තාවකාලික ආණ්ඩුවට එරෙහිව නැගී එන මහජන විරෝධය දුටු වී. අයි. ලෙනින් ”මේ අවස්ථාවේ අපි බලය අල්ලා නො ගත හොත් ඉතිහාසය අපට අනුකම්පා නො දක්වනු ඇතැයි” ප‍්‍රකාශ කළේ ය. ඒ අනුව 1917 ඔක්තොම්බර් මස විප්ලවය ඇරඹිණ. සන්නද්ධ භට කණ්ඩායම් රජයේ ප‍්‍රධාන මධ්‍යස්ථාන අල්ලා ගත්හ. (දුම්රිය, බැංකු, තැපැල් කාර්යාල* වීදි පුරා කැරලි කරුවෝ සාමය, ඉඩම්, ආහාර තේමාව යටතේ උද්ඝෝෂණය කළහ.

    රූපය 7.14 - වී.අයි. ලෙනින්
                                          රූපය 7.15 - ලියෝන් ට්‍රොස්කි
     තමන්ට රජයෙන් ආරක්ෂාවක් නොමැති බව දැනගත් මධ්‍යම පන්තිය හා හමුදා

භටයෝ උද්ඝෝෂකයන්ට කිසි දු විරෝධතාවක් නො දැක්වූහ. මෙම විප්ලවයට පාලකයන් හැර සෙසු සියලූ දෙනාගේ ම සහයෝගය ලැබුණි. මේ වන විට සෝවියට් ජනතාවගේ පීඩනය කෙතරම් උග‍්‍රව තිබුණේ ද යන්න එයින් පැහැදිලි වෙයි. බලවත් සටනකින් තොරව විප්ලවය ජය ගැනීමට හැකි වූයේ එබැවිනි. මෙම විප්ලවය ලෝක සම්මත දින දර්ශනය අනුව නොවැම්බර් මස දී සිදු වුව ද ඒ වන විට රුසියාවේ භාවිත වූ පැරණි දින දර්ශනයට අනුව එය ඔක්තෝම්බර් මාසය විය. එනිසා මෙම විප්ලවය ප‍්‍රසිද්ධ වූයේ 1917 ඔක්තෝම්බර් විප්ලවය වශයෙනි.

විප්ලවයේ ප‍්‍රතිඵල

      කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා ලෙනින්ගේ නායකත්වයෙන්

යුත් බෝල්ෂෙවික්වරුන් රජයක් පිහිටුවීම මේ විප්ලවයේ ප‍්‍රධාන ප‍්‍රතිඵලය යි. බෝල්ෂෙවික් පක්ෂය පසුව කොමියුනිට්ස් පක්ෂය බවට පත් විය. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව රජය ජර්මනිය සමග පැවැති යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමට සමත් විය. ඒ අනුව රුසියාවට සාමය උදා විය. එය සොල්දාදුවන්ගේ බලාපොරොත්තුව යි. ලෙනින්ගේ

                                                                            . 129
                                                     නොමිලේ බෙදා හැරීම සඳහා ය
   නායකත්වයෙන් යුතු නව ආණ්ඩුව වැඩවසම් ක‍්‍රමය යටතේ විශාල වශයෙන් පැවති
  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කරන ලදි. රජය වෙත පවරා ගත් එම ඉඩම් මුල දී
  ගොවීන්ට කුඩා ගොවි පොළවල් වශයෙන් වගා කිරීමට අවසර දුන් නමුත් පසුව ඒවා
  විශාල සමූහ ගොවිපළවල් බවට පත් කිරීමට පියවර ගැනුණි. ඒ අනුව ගොවීයෝ සමූහ
  අයිතිය යටතේ වගා කිරීම සිදු කළහ. මේ අනුව ගොවීන් බලාපොරොත්තු වූ ඉඩම් ඔවුන්ට
  ලැබුණි. කොමියුනිට්ස් පාලනය යටතේ රුසියාවේ වූ සියලූ කර්මාන්තශාලා ජන සතු
  කළ අතර එහි පාලනය කොමියුනිට්ස් පක්ෂයේ මග පෙන්වීම යටතේ කම්කරුවන්ගෙන්
  සමන්විත සෝවියට් මණ්ඩලවලට පැවරිණි. මීට අමතරව බැංකු ගමනාගමනය යනාදිය ද
  ජනසතු කෙරිණ.
  	     සාර් පාලනය සම්පූර්ණයෙන් ම බි`ද දමා ඒ වෙනුවට කම්කරුවන්ගේ සහ
  ගොවීන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත සෝවියට් සභා පදනමක් මත තෝරා ගත්
  අලූත් නිලධාරි පිරිසක් තනතුරුවලට පත් කෙරිණි. විප්ලවයෙන් පසුව රුසියාව හ`දුන්වනු
  ලැබුවේ සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩු සංගමය යන නමිනි. ඒ අනුව රුසියාව
  සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් විය.

        	සමාජවාදී දර්ශනය

        	
        සමාජවාදය යනු කොමියුනිට්ස්වාදී දර්ශනය අනුව සමාජය සතු ධන සම්පත්
        පිළිබ`ද පොදු අයිතිය පිළිගැනීම, සෑම පුරවැසියෙකුට ම තම කුසලතා ඉහළ නංවා
        ගැනීමට සමාන ඉඩක් ලබා දීම. නිෂ්පාදන ඵල සියලූ දෙනාට ම සමානව බෙදීයාම
        සහිත දේශපාලන ආර්ථික සමාජ ක‍්‍රමයක් පිළිගත් දේශපාලන දර්ශනයකි.
        ඒ අනුව,

        	        පුද්ගල අවශ්‍යතාවලට වඩා පොදු දියුණුව හා පොදු අවශ්‍යතාවලට
                  ප‍්‍රමුඛත්වය දීම.
        	        සමාජ අසාධාරණ හා අසමානතා නැති කිරීම.
        	        සමාජයේ පන්ති විෂමතා නැති කර සියලූ දෙනා සහෝදරත්වයෙන්
                  සලකන උසස් මානව සමාජයක් ගොඩනැගීම සමාජවාදී දර්ශනයේ කැපී
                  පෙනෙන ලක්ෂණ වේ.

  	      රුසියානු විප්ලවයේ තවත් ප‍්‍රතිඵලයක් ලෙස සමාජවාදී දර්ශනය ලොව පුරා
  ව්‍යාප්ත වීම දක්නට ලැබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ප‍්‍රධාන බලවේග
  බවට පත් වූයේ සමාජවාදී දර්ශනය හා ධනවාදී දර්ශනය යි. ඒ අනුව ලෝකයේ රුසියාවට
  හිතවත් බොහෝ රටවල් සමාජවාදී දර්ශනයේ ඇතැම් අංග තම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලට
  ඇතු`ඵ කර ගත්තේ ය.
  උදා : චීනය, නැගෙනහිර ජර්මනිය, දකුණු කොරියාව, කියුබාව ඉන් කිහිපයකි.
  	      මෙම පාඩම ආරම්භයේ දී සඳහන් කළ ඇමෙරිකන් විප්ලවයෙන් පසුව ඇමෙරිකා
  එක්සත් ජනපදය යන බලවත් රාජ්‍යය නිර්මාණය වී එරට මුල් කර ගත් ධනවාදී අර්ථ

130 . නොමිලේ බෙදා හැරීම සඳහා ය ක‍්‍රමය පිළිගත් කඳවුරක් ලෝකයේ බිහි විය. ඉහත සඳහන් රුසියානු විප්ලවයෙන් පසුව රුසියාව මූලික කරගත් සමාවාදී කඳවුරක් ද ලෝකයේ බිහි විය. එම කඳවුරු දෙකට ම අයත් නො වූ රටවල් රැුසක් නො බැඳි ජාතීන් බවට පත් විය. ශ‍්‍රී ලංකාව ද නොබැඳි ජාතීන්ගේ ප‍්‍රතිපත්ති ගරු කරන රටකි.

 ක‍්‍රියාකාරකම
 සමාජවාදී දර්ශනයේ යහපත් ලක්ෂණ මැයෙන් රචනාවක් ලියන්න.