Skip to content

Latest commit

 

History

History
182 lines (156 loc) · 31 KB

README-SI.md

File metadata and controls

182 lines (156 loc) · 31 KB
Read this guide in other languages

ආයුබෝවන්, නව විවෘත මූලාශ්‍ර දායකයිනි!

Pull Requests Welcome first-timers-only Friendly Check Resources

මෙය විවෘත මූලාශ්‍ර වෙත සහාය දැක්වීමට කැමති නවකයන් සඳහා මූලාශ්‍ර ලැයිස්තුවකි.

ඔබට අමතර මූලාශ්‍ර ලැබුනහොත් pull request එකක් මඟින් සහාය දක්වන්න.

ඔබට ගැටළු හෝ අදහස් ඇත්නම්, කරුණාකර issue එකක් තනන්න.

අන්තර්ගතය

පොදුවේ විවෘත මූලාශ්‍ර සඳහා සහාය දැක්වීම

  • @DoomHammerNG විසින් රචිත The Definitive Guide to Contributing to Open Source
  • An Intro to Open Source - GitHub හි දායක සාර්ථකත්වය වෙත ඔබ රැගෙන යාම සඳහා DigitalOcean මඟින් සකස් කළ නිබන්ධ.
  • Issuehub.pro - GitHub හි issues ලේබල හා භාෂා අනුව සෙවීම සඳහා මෙවලමක්.
  • Code Triage - තවත් repositories සහ issues ලේබල හා භාෂා අනුව පෙරහන් කිරීම සඳහා වැදගත් මෙවලමක්.
  • Awesome-for-beginners - නව දායකයින් සඳහා හොඳ දෝෂ සහිත ව්‍යාපෘති එකතු කර, ඒවාට ලේබල එකතු කරන GitHub repoවක්.
  • Open Source Guides - විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති පවත්වාගෙන යාම හා දායකත්වය දැක්වීම පිළිබඳ පෞද්ගලික, සාමාජික හා ව්‍යාපාර සඳහා මූලාශ්‍රවල එකතුවක්.
  • 45 Github Issues Dos and Don’ts - GitHub හි කළ යුතු හා නොකළ යුතු දෑ.
  • GitHub Guides - basic guides on how to use GitHub සාර්ථකව භාවිතා කිරීම පිළිබඳ මූලික මාර්ගෝපදේශ.
  • Contribute to Open Source - අනුකරණ ව්‍යාපෘතියකට කේත දායකත්වය දක්වමින් GitHub කාර්යය ප්‍රවාහය ඉගෙන ගැනීමට.
  • Linux Foundation's Open Source Guides for the Enterprise - Linux පදනමෙහි විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති සඳහා මාර්ගෝපදේශය.
  • CSS Tricks An Open Source Etiquette Guidebook - Kent C. Dodds සහ Sarah Drasner විසින් රචිත විවෘත මූලාශ්‍ර ආචාරධර්ම පිළිබඳ මාර්ගෝපදේශය.
  • A to Z Resources for Students - පාසල් සිසුන් සඳහා නව ක්‍රමලේඛ භාෂාවන් ඉගෙන ගැනීමට සම්පත් සහ අවස්ථා රැගත් සංවෘත ලැයිස්තුවක්.
  • Pull Request Roulette - මෙම අඩවියේ Github හි ඇතුළත් විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියන් හි සමාලෝචනය සඳහා ඉදිරිපත් කළ pull requests ලැයිස්තුවක් පවතියි.
  • "How to Contribute to an Open Source Project on GitHub" by Egghead.io - GitHub හි විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති සඳහා දායක වීම ඇරඹීම පිළිබඳ පියවරෙන් පියවර ඇසිදිසි මාර්ගෝපදේශයක්.
  • Contributing to Open Source: A Live Walkthrough from Beginning to End - මෙම විවෘත මූලාශ්‍ර දායකත්ව මාර්ගෝපදේශය මඟින් ගැළපෙන ව්‍යාපෘතියක් තෝරාගැනීම, දෝෂයක් සමඟ වැඩ කිරීමේ සිට PR merge කරගැනීම දක්වා සියල්ලම දක්වා ඇත.
  • "How to Contribute to Open Source Project by" Sarah Drasner - මෙම රචකයන් GitHub හි වෙනත් කෙනකුගේ ව්‍යාපෘතියකට pull request (PR) එකකින් දායක වීම පිළිබඳ සියළුම කරුණු වෙත අවධානය යොමු කරයි.
  • "How to get started with Open Source by" Sayan Chowdhury - මෙම ලිපි නවකයින්ට විවෘත මූලාශ්‍ර වෙත තමන් කැමති ක්‍රමලේඛ භාෂාව යොදාගනිමින් දායකවීම පිළිබඳ වැදගත් කරුණු ගෙනෙයි.
  • "Browse good first issues to start contributing to open source" - GitHub දැන් ඔබට විවෘත මූලාශ්‍ර සඳහා සහාය දැක්වීමට හොඳ පළමු issues සෙවීමට උපකාර කරයි.
  • "How to Contribute to Open Source Project" by Maryna Z - මෙම පුළුල් ලිපිය ව්‍යාපාර (තනි පුද්ගලයින්ටත් වැදගත්) වෙත කිනම් විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති වෙත සහාය දැක්විය යුතුද, ඒ ඇයි හා කෙසේද යන්න සාකච්ඡා කරයි.
  • "start-here-guidelines" by Andrei - Lets Git started in the world of opensource, විවෘත මූලාශ්‍ර ක්‍රීඩා පිටියේ ආරම්භය සනිටුහන් කිරීම පිළිබඳ. විශේෂයෙන්ම අධ්‍යාපන හා ප්‍රායෝගික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සකසා ඇත.
  • "Getting Started with Open Source" by NumFocus - a GitHub repo that helps contributors overcome barriers to entry in දායකයන් හට open-source හි අවතීරණය වීමට ඇති බාධා ජයගැනීමට උදව් වන GitHub repo වක්.
  • "Opensoure-4-everyone" by Chryz-hub - විවෘත මූලාශ්‍ර පිළිබඳ සියල්ල රැගත් repository එකක්. මෙම ව්‍යාපෘතිය GitHub හි සාමාජිකත්ව දෘශ්‍යතාව, මූලික හා උසස් git විධාන සමඟ පුහුණු වීම, විවෘත මූලාශ්‍ර හා සම්බන්ධ වීම සහ තවත් බොහෝ දෑ පිළිබඳ සහාය ලබාදෙයි.
  • "Open Advice" - නිදහස් මෘදුකාංග ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු එකතුවකි. එහි ජනප්‍රිය දායකයින් 42ක් නිදහස් මෘදුකාංග ලෝකයට අවතීරණ වීමට පෙර දැන සිටියානම් යැයි පවසන ගැටළු කිහිපයකට පිළිතුරු සපයයි. එමඟින් ඔබටත් කොහේ, කෙසේ දායක වූවත්, එයට පන්නරයක් ලබාගත හැක.
  • "GitHub Learning Lab" - GitHub Learning Lab සමඟ ඔබගේ කුසලතා වර්ධනය කරගන්න. අපගේ මිත්‍රශීලී සහකරු ඔබව උපකාරක ප්‍රතිපෝශණ ලබාදෙන අතරම ඉතා ඉක්මණින් ඔබට අවශ්‍ය කුසලතා, විනෝදජනක හා ප්‍රායෝගික ව්‍යාපෘති මඟින් කියා දෙයි.
  • "Ten simple rules for helping newcomers become contributors to open projects" - මෙම ලිපිය විශාල සමාජ හා එහි සාමාජිකයන්ගේ, නායකයින්ගේ හා ප්‍රෙක්ෂකයන්ගේ අත්දැකීම් ඇසුරු කරගෙන නීති රීති පද්ධති පිළිබඳ සාකච්ඡා කරයි.
  • "Step-by-Step guide to contributing on GitHub" - මෙම මාර්ගෝපදේශය විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියකට දායක වීමෙහි සම්පූර්ණ ක්‍රියාවලිය, දෘෂ්‍ය හා දිගු භාවිතා කරමින් පියවරෙන් පියවර කියා දේ.

සෘජු GitHub සෙවුම්

GitHub හි දායක වීමට සුදුසු issues වෙත සෘජුවම ගෙනයන සෙවුම් දිගු.

Mozilla හි දායකත්ව පද්ධතිය

  • Good First Bugs - ව්‍යාපෘතිය වෙත අවතීරණ වීමට ගැළපේ යැයි ඉන්ජිනේරුවන් විසින් හඳුනාගෙන ඇති දෝෂ.
  • MDN Web Docs - MDN Web Docs කණ්ඩායම වෙත අන්තර්ගත දෝෂ හා platform දෝෂ නිරාකරණය කරමින් web platform එක ලේඛනගත කිරීමට සහාය වන්න.
  • Mentored Bugs - විසඳුමක් සකසමින් සිටින විට ගැටළුවක් පැන නැගුනහොත් ඔබට IRC හි උපකාර වීමට උපදේශකයකු පත්කර ඇති දෝෂ.
  • Bugs Ahoy - Bugzilla හි දෝෂ සෙවීම සඳහා වෙන් කළ අඩවියක්.
  • Firefox DevTools - Firefox browser හි developer tools වල සොයාගත් දෝෂ පිළිබඳ තොරතුරු ඇතුළත් අඩවියක්.
  • Start Mozilla - Mozilla පද්ධතියෙහි නව දායකයින් හට ගැළපෙන issues පිළිබඳ tweet කරන Twitter ගිණුමක්.

නව විවෘත මූලාශ්‍ර දායකයින් හට අවශ්‍ය වන ලිපි

අනුවාද පාලනය භාවිතා කිරීම

  • Think Like (a) Git - අරගලයක නිරත වන "උසස් ආරම්භක," යන් හට git සමඟ අත්හදා බැලීමට සරළ උපාය මාර්ග පෙන්වන git ආරම්භක ලේඛනයක්.
  • Try Git - විනාඩි 15 කින් ඔබගේ බ්‍රව්සරයෙන්ම නොමිලේ Git ඉගෙනගන්න.
  • Everyday Git - දෛනිකව අවශ්‍ය වන සරළම Git විධාන එකතුවක්.
  • Oh shit, git! - පොදු git වැරදි නිවැරදි කරගන්නා ආකාරය සරළ ඉංග්‍රීසියෙන්; රළු වචන නොමැතිව මෙය කියවීමට Dangit, git! බලන්න.
  • Atlassian Git Tutorials - git භාවිතය පිළිබඳ විවිධ නිබන්ධ.
  • GitHub Git Cheat Sheet (PDF)
  • freeCodeCamp's Wiki on Git Resources
  • GitHub Flow (42:06) - Pull request එකක් කිරීම පිළිබඳව GitHub කතාබහක්.
  • GitHub Learning Resources - Git සහ GitHub ඉගෙනීමේ මූලාශ්‍ර.
  • Pro Git - Scott Chacon සහ Ben Straub විසින් රචිත, Apress මඟින් පළ කළ සම්පූර්ණ Pro Git පොත.
  • Git-it - Git නිබන්ධ සහිත පියවරෙන් පියවර desktop මෘදුකාංගය.
  • Flight Rules for Git - යමක් වැරදුනු විටක කළයුතු දෑ පිළිබඳ මඟපෙන්වීමක්.
  • Git Guide for Beginners in Spanish - ස්පාඤ්ඤ භාෂාවෙන් ලියැවුනු සම්පූර්ණ git සහ GitHub පිළිබඳ විනිවිදක (Slides) එකතුවක්. Una guía completa de diapositivas sobre git y GitHub explicadas en Español.
  • Git Kraken - අනුවාද පාලනයට දෘෂ්‍ය, බහු පද්ධති හා ප්‍රායෝගික git desktop මෘදුකාංගය.
  • Git Tips - වැඩියෙන්ම භාවිතා වන git ඉඟි හා උපක්‍රම එකතුවක්.
  • Git Best Practices - Commit Often, Perfect Later, Publish Once: Git Best Practices.
  • Git Interactive Tutorial - Git ඉගෙනීමට හොඳම දෘශ්‍ය හා ප්‍රායොගික ක්‍රමය.
  • Complete Git and GitHub Tutorial (1:12:39) - Kunal Kushwaha විසින් සකස් කළ සම්පූර්ණ Git සහ GitHub මාර්ගෝපදේශය.

විවෘත මූලාශ්‍ර පොත්පත්

  • Producing Open Source Software - Producing Open Source Software යනු විවෘත මූලාශ්‍ර සංවර්ධනය පිළිබඳ මානව දෘශ්ටියකින් බලන පොතකි. එය සාර්ථක ව්‍යාපෘති ක්‍රියා කරන ආකාරය, පරිශීලකයන් හා ඉංජිනේරුවන් අතර අපේක්ෂා හා විවෘත මෘදුකාංග හා සම්බන්ධ සංස්කෘතිය හදාරයි.
  • Open Source Book Series - https://opensource.com වෙතින් ඉදිරිපත් කරන විවෘත මූලාශ්‍ර හා එහි වැඩෙන සමූහය පිළිබඳ විශේෂිත නොමිලේ ලබාදෙන විද්‍යුත් පොත් එකතුව.
  • Software Release Practice HOWTO - මෙම HOWTO මාර්ගෝපදේශය Linux සහ වෙනත් විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති සඳහා ගැළපෙන හොඳ release practices කියා දේ. මෙම ක්‍රියා අනුගමනය කිරීමෙන් ඔබට පරිශීලකයන් හට සරලවම කේතය ගොනු කිරීමට ද, වෙනත් ඉංජිනේරුවන් හට ඔබගේ කේතය තේරුම් ගෙන ඔබ සමඟ එය දියුණු කිරීමට ද හැකියාව ලබා දේ.
  • Open Sources 2.0 : The Continuing Evolution (2005) - විවෘත මූලාශ්‍ර 2.0 යනු 1999 ගොනු කෙරුණු Open Sources: Voices from the Revolution පොතෙහි ගෙන ආ පරිදි වර්තමාන තාක්ෂණික පුරෝගාමීන්ගේ වටිනා, සිතුවිලි දනවන රචනා කිහිපයක එකතුවකි.
  • The Architecture of Open Source Applications - ‍Git හි විවිධ අංගයන් distributed workflows සාර්ථක කිරීමට අභ්‍යන්තරයෙන් ක්‍රියා කරන ආකාරය පෙන්වන අතර එය වෙනත් version control systems (VCSs) වලින් වෙනස් වන ආකාරය ද පැහැදිලි කරයි.
  • Open Sources: Voices from the Open Source Revolution - Linus Torvalds (Linux), Larry Wall (Perl) සහ Richard Stallman (GNU) යන විවෘත මූලාශ්‍ර හි පුරෝගාමීන්ගේ රචනා එකතුවක්.

විවෘත මූලාශ්‍ර දායක මුලපිරීම්

  • Up For Grabs - නවකයින්ට ගැලපෙන issues ඇතුළත් ව්‍යාපෘති ඇත
  • First Contributions - විනාඩි 5ක් ඇතුළත ඔබගේ පළමු විවෘත මූලාශ්‍ර දායකත්වය දක්වන්න. නවකයන් හට දායකත්ව සමඟ එකතු වීමට හොඳ මෙවලමක් හා නිබන්ධයක්. මෙහි ඇත්තේ එම වෙබ් අඩවියෙහි GitHub විවෘත කේතය හා එම repository එකට උපකාර කිරීමට හැකි ආකාරයයි.
  • First Timers Only - "first-timers-only" ලෙස ලේබලගත කළ දෝෂවල ලැයිස්තුවක්.
  • Hacktoberfest - විවෘත මූලාශ්‍ර දායකත්ව දිරිමත් කිරීමට සකස් කළ ව්‍යාපෘතියකි. ඔක්තෝම්බර් මාසයේ අවම වශයෙන් pull requests 4ක් වත් කර ටීශර්ට් හා ස්ටිකර වැනි තෑගි දිනාගන්න.
  • 24 Pull Requests - 24 Pull Requests යනු විවෘත මූලාශ්‍ර සහයෝගිතාව වැඩිදියුණු කිරීමට දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ව්‍යාපෘතියකි.
  • Ovio - දායකයින්ට ගැළපෙන තෝරාගත් ව්‍යාපෘතිවල එකතුවකි. මෙය පසුව බැලීමට සුරැකිව තැබීමට ද හැකි ගුණාත්මක issues සෙවුම් මෙවලමකින් ද සමන්විත ය.
  • Google Summer of Code - තව තවත් සිසු ඉංජිනේරුවන් විවෘත මූලාශ්‍ර මෘදුකාංග සැකසීමට ගෙන ඒමට Google විසින් පවත්වනු ලබන මුදල් ලබාදෙන වාර්ෂික වැඩසටහනකි.
  • Rails Girls Summer of Code - පවතින විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති සමඟ සම්බන්ධ වී කාන්තාවන් හා ද්වි නොවන පුද්ගලයන් හට තම හැකියා දියුණු කරගැනීමට අවස්ථාව සපයන ගෝලීය සහයෝගිතාවයකි.
  • Major League Hacking Fellowship - විශිෂ්ඨ තාක්ෂ්‍ණිකයන් හට විවෘත මූලාශ්‍ර ව්‍යාපෘති සැකසීමට හා ඒවාට උපකාර කිරීමට දුරස්ථ පුහුණු මාධ්‍යයක්.

සහභාගි වීමට විවෘත මූලාශ්‍ර වැඩසටහන්

බලපත්‍රය

Creative Commons License
මෙම ව්‍යාපෘතිය Creative Commons Attribution-ShareAlike 4.0 International License යටතේ බලපත්‍රගත කර ඇත.